Tuesday, January 1, 2019

ශ්‍රී ලංකා කොල්ලෝ වසයි ක්‍රිකට් බෝල දෙකට පලයි !!!

කාරුණික දැනුම්දීමයි !!!!!

පහත සදහන් සියලුම සිදුවීම් සත්‍ය සිදුවීම් බව  ඇසින් දුටු සාක්‍ෂි සහිතව තහවුරැ කරන්නෙමි.


වර්තමාන ක්‍රිකට්යැයි  පවසන ක්‍රීඩාව සහ මෙහි ලියවෙන ක්‍රිකට් අහසට පොලව මෙන් දුරස් බව පවසන්නේ මහත්වූ සංවේගයෙනි!!!!!!!!!!😢😢😢😢

අපේ ශ්‍රී ලංකා ටීම් එක 1992 සිට 1995 දක්වා වූ කාලසමය විවිද වැටීම් නැගිටීම් සහිතව පසුකරනවා. 1995 බෙන්සන් ඇන්ඩ් හේජස්  තරගාවලියට ඕස්ට්‍රේලියා  යන්නේ 1996 World Cup එකට කලින් හොද තරගයක් ප්‍රතිවාදීන්ට දෙන්න.

https://en.wikipedia.org/wiki/1995%E2%80%9396_Australian_Tri-Series




ඒත් එක්කම කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් අපිට දකින්න ලැබෙනව. හැමදාම තරගයේ ආරම්භයේ ඇවිත් ලකුණු 50-60 පහුකරනකොට කෙන්ඩ පෙරලිලා දෙන්නෙක්ගෙ කරෙන් යන අති විශිෂ්ට පන්දුරකින්නෙක් වන රොෂාන් මහානාම වෙනුවට  රුමේශ් කලුවිතාරණ, සනා එක්ක open batting  එනව.

ODI cricket ඉතිහාසයේ පලමුවතාවට පලවෙනි ඕවර 15ට දුවන්න ගහන මේ සනා කලූ සුසංයෝගය හැදින්නුවේ Master Blaster  & Little Dynamite කියල.



ඒ නම් අපේ අයට  දැම්මේ අපිට නොතේරෙන ඉංගිරිසියෙන් තේරෙන්න commentary කරපු  Tony Greig මහත්මයා. ඇත්තටම ඒකාලේ ලංකාව ගැන පොඩ්ඩක් හරි හොදක් කිව්වනං ඒ Tony Greig විතරයි.



අවසන් තරග දෙකම පරාජය උනත් ලංකාවේ දක්ෂතා මුළු ලෝකයම කතා කරන්න ගන්නේ මේ තරගාවලියෙන් පස්සේ.

ඒ වගේම මුරලිට  පන්දුව දමා  ගසන චෝදනාව එන්නෙත් මේ තරගාවලියෙමයි.



1996 ලෝකකුසලානයේ  තොරතුරු සමග හමුවෙමු ......