Monday, September 24, 2018

ක්‍රිකට් උණ

වොලිබෝල් ජාතික ක්‍රීඩාව වූ සුරම්‍ය දිවයිනක ඉපදීමට බාග්‍යවන්ත වූ අප යාන්තම් කෙලින් සිටගැනීමට හැකි දා සිට බෝල පිත්තටත් ක්‍රිකට් පන්දුවටත් ආලයකෙරුවෙමු. 1980 දශකයේ මුල්බාගයේ උපතලද්දෙන් අද දරුවන් මෙන් නොව ගොයම් කැපූ කුබුරුයාය,රථවාහන නොමැති ගුරුපාර නිසගයෙන්ම අපේ ක්‍රීඩා පිටි බවට පත්විය. වියළුණු පොල් පිත්තකින් සාදාගත් පිත්තත් රබර් හෝ ඔට්ටපාළු බෝලයත් අප අතින් ගිලිහුනේ නින්දේදී පමණි.







උපතින්ම වමත්හුරුවෙකු වූ මා දකුණතින් පන්දුවට පහර දීමටත් වමතින් දග පන්දු යැවීමටත් හුරුවුයේ ඉහත සදහන් ගුරුපාරක ආනුභාවයෙනි. (එහෙම උනේ නැත්තං ජයසූරිය,තරංග කැලේය). අපේ මහගෙදර ඉදිරිපස ගුරුපාරේ වම්පස වැට තිබීමත් මගේ දෙමස්සිනෝ දකුණත් හුරුවන් වීමත් මෙයට හේතුවූ බව සිහිකරන්නේ හදපිරි මෙව්වා එකෙනි.

  • වමත් දග පන්දු යැවීම ගැන දැනගැනීම සදහා : https://en.wikipedia.org/wiki/Left-arm_orthodox_spin , https://www.wikihow.com/Bowl-Leg-Spin

  • පිතිකරණය සදහා : https://www.wikihow.com/Bat-in-Cricket


මෙසේ අහල පහළ දෙතුන් දෙනාගෙන් ඇරබුණු ක්‍රිකට් උණ කරදඩු උස්මහත් වනවිට දළුලා වැඩෙන්නට විය. පොල්පිති පිත්ත, ලීයෙන් තැනූ BAT එකටත් රබර් බෝලය, TENNIS බෝලයටත් සංක්‍රමණය විය. ගමේ පාසලෙන් නගරයේ පාසලට ගියද හැකි සෑම විටම කුරුදුවත්ත නම් වූ ගමේ ක්‍රිකට් ගැසූ වත්තට යාම අම්මාගේ  බැනුමටත් තාත්තාගේ කෝටුවටත් වැළැක්විය නොහැකිවිය.

අද දරුවන්ට මෙන් 24/7 අතිරේක පන්ති නොගිය අප සෑම සතිඅන්තයකම ගමේ කොලුරැල එක්වී සාදාගත් ක්‍රීඩා සමාජයේ නමින් හතර පෙරුවේම ඇති ගම්වල ක්‍රිකට් තරගාවලි සදහා පාදයාත්‍රා කළෙමු. මගේ මතකයේ හැටියට අපේ ක්‍රීඩා සමාජය කිරිකිත්ත එක්සත් නම් විය. දිලෙනතරු,සමගි,රන්තරු, යන නම් වලින් සැදි ක්‍රීඩා සමාජ අවට ගම්වල තිබුණි. අද සමාජයේ මෙවැනි ක්‍රීඩා සමාජ විරල වන අතර ඒවායේ ඇත්තේද Rangers,Riders,Blasters,Gladiators වැනි නම්ය. 

1990 දශකයේ මුල් භාගයේ  සිරිලංකා කණ්‌ඩායම අළු ගසා දමා නැගිටින අවදිය විය. සීමිත පන්දුවාර තරග නැරබීමට තාත්තාගේ තිබු කැමැත්ත නිසා කුණුකෙල සෝදාගෙන සාලයට වී රූපවාහිනියෙන් තරග නැරබීමට අම්මාගෙන් නිලනොලත් අවසරය ලැබුණි. එකල අද මෙන් දිවාරාත්‍රි තරග නොතිබුණු සුදෝසුදු ඇදුමින් එක්දින තරග ක්‍රීඩාකළ යුගයයි. 





අර්ජුණ රණතුංග මහතාගේ නායකත්වය ලද ශ්‍රීලංකා කණ්ඩායම කෙමෙන් තරග දිනන්නට විය. ඔහු ආනන්ද විද්‍යාලයේ ආදී සිසුවෙකු බැවින් අපේ හිතටද ගතටද  ගැම්මක් දැනෙන්නට විය. එයින් සිදුවුයේ ක්‍රිකට් උණ ක්‍රිකට් පිස්සුවක් තරමටම උත්සන්න වීමය. පාසල් කාලසීමාවේදී, පාසල ඇරබීමට පෙර,කෑම විවේකය, period මාරුවෙන විටද, පාසල අවසානයේ ද අපගේ රාජකාරිය වුයේ ක්‍රිකට් ගැසීමය.කොලබෝල ක්‍රිකට්, ප්ලාස්ටික් බෝල ක්‍රිකට්, BOOK CRICKET, එකී මෙකී නොකී  තරගාවලි 6 වසරේ සිට 13 වසර දක්වාම සෑම පන්තියකම එකසේ පැවැත්විණි. 

සම්මත ක්‍රිකට් ක්‍රීඩාව සදහා එක් කණ්ඩායමකට 11දෙනෙකු, විකට් පොලු, තනතිල්ලක් සහිත යාර 60 පමණ වපසරිය යුත් ක්‍රීඩාපිටියක් අවශ්‍ය උවද අපේ ක්‍රිකට් ඊට සම්පුර්ණයෙන් වෙනස්විය.

සම්මත ක්‍රිකට් ක්‍රීඩාව සදහා : https://www.wikihow.com/Play-Cricket

1996 ක්‍රිකට් උන්මාදය සමගින් හමුවෙමු .....


පළමු උත්සාහය

 පළමු උත්සාහය:

එදා සිට අද දක්වාම මිනිසා වදුරාගෙන්  🙉🙉🙉පරිණාමනය වූ බවට හොදම උදාහරණය වන්නේ කොතරම් බැරි උනත් අනෙකෙක් කරන දේ කිරීමටයාමය.

 කණ්ඩාගේ අනෙක වූ ලිපි කියවීමෙන් වැළදුණු බ්ලොග් පිස්සුව ලිවීමට ඇති කම්මැලිකම හා බ්ලොග් ගැන ඇති නොදැනුවත්කම නිසා යටපත්විණි. https://kandascolumnblog.wordpress.com/

එහෙත්  කණ්ඩාගේ "බ්ලොගර් වෙබ් අඩවියක් සාදා ගනිමු" ලිපිය මගින් නැවතත් එම ආසාවට කිතිකවීමක් විය.

මේ එහි පළමු උත්සහයි.