Thursday, December 17, 2020

තෝ ලාම්පුවට තොල් දාලද ?????

දුම්බීම ශරීරයට අහිතකරයි !!!!!!!!!!!!!!!!!

එදා අන්තිමට සුදු ෂර්ට් එකයි කළු කලිසමයි ඇදල පොලිෂ් කරපු සපත්තු දාපු  පිළිවෙලට ඉන්න සෙට්එක පැත්තට  මම සිංගල්වීල් එකේම ලයින් කලා මතකයිනේද  උබලට ....

ගිහින් ඉතිං මගේ සුපුරුදු තැටිය ගහන්ඩ පටන්ගත්ත. උන්ට මං ගැන වගේ වගක් නෑ , 

උන්ගේ හතර පස් දෙනෙක් පොරකෑවෙ කැරම් බෝඩ් එකේ පුටු වලට, තව සෙට් එකක් වැඩේ තුන හතරක් බෙදාගන්ඩ 

ඉතිං උන්ට මං ගැන වගේ වගක් නෑ .

මගේ තැටියේ අන්තිම හරියේදී තමයි උන්ට මාව මීටර් උනේ,

අනේ වාසනාවන් ............

අඩෝ උබ සිගරට් බොනවද ???? කොහේදෝ පැත්තක ඉදංආපු ඝෝසකයෙක් වාගෙ ඇත්තෙක් මගෙන් ඇහුව,

වෙලා තිබ්බ උඩප්පරන් හැටියට චීස් කෑල්ලද පොල් කෑල්ලද කන්නේ කියල පිහි තලේ උඩ බෙල්ල වනපු මීයා වගේ කරන්නේ මොකද්ද  කියලවත් හිතාගන්ඩ  බැරුව ඉන්නකොට කොහොමද ඉතිං ඔය වගේ පට්ට අධ්‍යාත්මික ප්‍රශ්නයකට උත්තර දෙන්නෙ.  

ඕන එකක් වෙච්චාවෙ කියල මං  නෑ  කියල කියන්ඩ හදනකොටම, ශ්‍රද්ධා සම්පන්න සුපින්වතුනි,

 පලවෙනි වරට පාලි සංස්කෘත එක්කම 

තෝ සිගරට් බොනවද හු ##, 

කියල පුදුම මිත්‍රශීලි කමකින් අහපි,

සුදු ෂර්ට් එකයි කළු කලිසමයි ඇදල පොලිෂ් කරපු සපත්තු දාපු  පිළිවෙලට ඉන්න සෙට් එකේ මනුස්සකම දෙපිටින් දොරේ ගලන්ඩ පටන්ගත්ත 

නෑ  අයියේ ..... 

හැදියාව ඇති ළමයි ඔය වගේ දුරාචාර කරනවද නෑනෙ  නේද ??????

ඔව් කියහල්ලකෝ යකුනේ මාවම කන්ඩ බලං ඉන්නෙ  මේකෙ,

නෑ ......... 

එහෙනං කොහොමද  තොගේ තොල් කලුවෙලා තියෙන්නේ???  

තෝ ලාම්පුවට තොල් දාලද ?????

අප්පොච්චයේ, අම්ම මුත්ත කාලෙවත් අහල තිබ්බ පුරස්නයක් නෙමෙයි නෙ ඇහුවෙ, දැන්  ඉතිං  දීපංකො ඕවට උත්තර . 

 හොද වෙලාවට ඒ කාලේ ඔය හෑන්ඩ් ෆ්‍රී සෙට් එහෙම තිබ්බේ නැත්තේ  උරන්ඩ, නේද අපේ හාමුදුරුවනේ,

නැත්තං තොලේ ඇති විවිදත්වය ගැන සින්නට තිබ්බ දැනුම හින්ද තව පුරස්න කෝටියකට විතර උත්තර දෙන්න වෙනව. 

මට හිතෙන්නේ සින්නට මිනිස්  තොල් පිළිබද MIT එකේ ආචාර්ය උපාදියක් තියෙනවද කොහෙද .

මොකද මේ දවස් වල ඒකෙ  ආචාර්ය උපාදි තියෙන උං වැහි වැහැල 

ආ.... බොන්නැතුවට  කමන් නෑ  වරෙං අපිත්  එක්ක යන්න,  ඒ ලග හිටපු හතර රියනක් විතර උස පොරක්, මෙන්න ඉතිං පොර  නැගිටල පෙර ගමන් ගත්ත

ඔන්න ඉතිං  යාලුවනේ පරණ කතා දෙකේම මංතුමා ප්‍රධාන චරිතේ උනාට මේකට චරිත දෙක තුනක් සෙට් වෙනව 

හතර රියනක් විතර උස ජෝර්ජ් රජතුමාගේ පරම්පරාවේ හැඩහුරුකම් තියෙන  ඇත්තෙක්, වයඹ පලාතේ නම්දරූ ඝෝෂක රත්නයක්, තුම්මුල්ලේ පද්මෙගේ අඩිපාරෙ ගිය දකුණුලකේ හාදයෙක්, තමයි මේ කිරිකොඩු ජුන්නව ඇන්න යන්නේ, 

කොහොමින් කොහොම හරි කැන්ටිමෙන් ගැලවිලා මමත් අර බුදුන් පස්සේ ගිය නන්ද කුමාරය වගේ මේ තුන්කට්ටුව පස්සෙ වැටුන. 

සාන්ත විදිහට කඩයක් කරන මුදලාලි කෙනෙක් ඉන්න ඉස්සරහ කඩේ තමයි අපේ ගමනාන්තය උනේ 

අනේ ඉතිං අදටත් මතකයි 

දෙකට ගණන් කරන්ඩ බැරි මම පැත්තකින් තියාගෙන තුන්දෙනාම ඩබල් දාල  ගත්ත නේද සිගරට් දෙකක් 

දැන්නං මගෙ කට පුරෝලා රස වෑහෙනවා   (දන්නෝ තමයි ඒකෙ රගේ දන්නේ )

මගෙන් ආගිය විස්තර කතා කරන ගමන් අයියල තුන්දෙනා දුම දානවා 

 මේකෙ අළු කඩල දියං ....... දකුණු ලකේ හාදය පුංචි උදව්වක් ඉල්ලුව 

සහෝදරයෙක් උදව්වක් ඉල්ලුවහම ඒක පුළුවන් උපරිමෙන් කරන එක අපේ යුතුකම

මමත් ඉතිං සිගරට්ටුවටත් හානියක් නෙවෙන්න ලස්සනට මැදැගිල්ලෙනුයි දබර ඇගිල්ලෙනුයි කරුව ගහල මහපට ඇගිල්ලෙන් සිගරට්ටුවේ පස්චාත් බාගයට ස්වීට් ටච් එකක් දීලා 

හා හා ඉතිං ඔය බවලත් උදවිය ලග තියෙන පෑන් පැන්සල් අතට අරං ඕක ට්‍රයි කරන්ඩ එපා 

සිගරට්ටුවේ අළු කැඩුව විතරයි මතක 

ඈ  බොල හු ##ගෙ පුතෝ  තෝ දැන් කිව්වා නේද තෝ සිගරට් බොන්නේ නෑ කියල එතකොට තෝ කරුව ගහන්ඩ පුරුදු උනේ අහවල් එකටද .....

කියාගෙන අර ඝෝෂකතුමා කඩාගෙන පැන්න කියහන්කෝ 

මංතුමාට උන් හිටි තැන් අමතකවුනා ඒ වෙලාවේ තමයි තේරුනේ අර කව්ද එකෙක් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියල, කියල තියෙන්නේ කට කහනවට නෙමෙයි කියල 

දැන් ඉතිං  මං කුමක් කරන්ඩද ........... ආදරය කරනු මිස.......... 

අදටත් මං කියන්නේ ඔය පැකට් එකේ ගහල තියන ඒවායි දොස්තරල කියන ඒවටයි අමතරව සිගරට් බීමේ  දරුණු ආදිනව තියෙනවා 

ඒ වගේම තමයි බොරු කීමේ ආදිනවත් දිට්ට ධම්ම වේදනීය වෙනව 

කරුණාවෙන් කඩේ පිටිපස්සට මාව කැදවන අණ ඇහුනෙ ඒ වෙලාවෙ 

කඩේ පිටිපස්සේ තමයි තිබ්බේ ටෝබැකො එකේ පරීක්ෂනාගාරය 

ඔය සිගරට් බොන ඇත්තෝ බලන්ඩකෝ මේ විදිහට බිව්වහම තියෙන ආතල් එක 

සිගරට් කිව්වට සිගරට්ම නෙමෙයි ෆිල්ටර් 

ෆිල්ටර් කිව්වට එකක් නෙමෙයි දෙකක් 

ෆිල්ටර් කිව්වෙ මේ වතුර ෆිල්ටර් එහෙම නෙමේ සිගරට් එකේ ෆිල්ටරේ අර අනික් හාදයෝ තුන්දෙනාම කටේ තියං ඇදපු එක 

කව්ද හිතන්නේ නහයෙ තියෙන හිල් දෙකෙන් ෆිල්ටර් කොට දෙකක් ඇදල කටින් දුම දාන්ඩ නිකන් ඉන් ටු ඩි ඩ්‍රැගන් වගේ 

කටින් එක ෆිල්ටර් එකයි නහයෙන් එක ෆිල්ටර් එකයි එකවර අදින්න 

අවසානයේ රස නහර පිනා යන ෆිල්ටර් කොට ආහාරය ..... ඒක යූ ටියුබ් එකේ මේ දවස් වල වැහි වැහැල තියෙන කිසිම කෑම චැනලයකවත්  නැති රහස් වට්ටෝරුවක් 

ඉතිං එකී මෙකී නොකී  සියලු දේ කරල අන්තිමට අරං දුන්න ප්ලේන්ටියත් ගහල කිරිකෝඩු ජුන්න පාරට ඇවිත් බස් එකේ ගෙදර ආව, 

ඒක තමයි පුරා වසර හතරක් මම ආසාවෙන් ගතකරපු මගේ ශිල්ප තක්සලාවෙ පලවෙනි දවස 

ඉතිං ඒ හිටපු අවුරුදු  හතරෙ මේ බණ්ඩගේ  හිතේ කොනක ඉතුරුවෙච්ච දේ ඉස්සරහට කියංඥ්ඥං හොදේ ........


යකෝ පලවෙනි දවසෙම  සින්නොත් එක්ක සිගරට් බීපු එකා කව්ද ?????? 

බාලාන්සෙ කාලෙ ඉදං දැකල පුරුදු ඩයල් එකක් කෑ ගගහ කාවද හොයනවා ......