Showing posts with label Other. Show all posts
Showing posts with label Other. Show all posts

Thursday, August 18, 2022

කැලෑව... ගොඩක් උං අපිට කිව්වේ එහෙම ....

මේ කතාවෙනං චරිත ගොඩායි. එහෙම කියල හැමඑකා එකී ගැන ලියන්ඩ පැහැදිලි මතකෙත් හරි අඩුයි. අවුරුදු විස්සකටත් එහානේ,

බෘම්,බෘම්.... ප්‍රධාන චරිත ටික ගැන හෙලුවෙම්ම වනල කතාව කියන්නං. එහෙම කිව්වා කියල හෙලුවෙම්ම නෙමෙයි සිංග්ලිෂ් වලින්

සීසන් සීසන් සීසන්........ 

සීසන් කපන්ඩ නෙමෙයි බං  අඩුම ගානේ මට සීසන් එක පෙන්නපල්ලා...

ඒ විමලේ අයියා,   කවදාවත් කොල්ලෙක්ගේ සීසන් එකේ කොටුව කැපුවේ නැති විමලේ අයියා. 

දාර බඩත්, උඩබොත්තම්  ඇරපු කොටු ෂර්ට් එකත්, තුන් තිස් පැයේ කටේ තිබ්බ බුලත් හපෙත් ලංගමේ කොන්දොස්තර කෙනෙක් ට කියාපු පෙනුම 

ලංගමේ කිව්වහම මතක්වුනේ ප්‍රධාන චරිතේ මිසින්නේ. හරියට දැන් යන මෙගා ටෙලියක් වගේ ...

කලෙක රතුපාට ඇන්ද , කලෙක කහපාට ඇන්ද අපේ Crush එක. සීරීමක්වත් වෙන්න නොදී බලාගත්තේ. කැලෑවේ සුන්දරිය.

GM 20. ගම්පහ ඉදල කොළොම්තොටට වැලිවේරිය, දෙල්ගොඩ,බියගම හරහා ඉගිලිච්ච් අපේ දඩුමොණරේ.

 බණ්ඩො හරිද.... ඒ පෙරේරා අයියගේ නිරන්තර ප්‍රශ්නේ

ඉස්සරහ foot board එකේ සින්නක්කර අයිතිකාරය වෙච්ච බණ්ඩලගේ පරපුරේ දෙවෙනි පුරුක තමයි මංතුමා

ඔය ඉතිං නයා අරින්ඩ ගත්තහම උන්හිටිතැන් මතක නෑ

බණ්ඩො හරිද.... ඒ පෙරේරා අයියා

හරි පෙරේරා අයියේ හරි..... ඔන්න මම පොල්ලේ එල්ලුනා

එහෙම තමයි පෙරේරා අයියා අපේ උං සේරම බස් එකට නැග්ගද කියල ෂුවර් කරගත්තේ. කරත්ත රෝදෙකට පොඩ්ඩක් පොඩි Dimo එකේ steering wheel  මේ එක අඩි පහක් විතර උස පුංචි මනුස්සය ආන්බාන් කරන හැටි පට්ට.

අපේ දඩුමොනරේ officially පටන්ගන්නේ වැලිවේරියෙන්, මොකද ඒ දවස් වල ගම්පහ ඉදන් කොලොම්පුරේට නුවරපාරේ යන හැටහුටහමාරක් ස්කුල් බස් තිබ්බා. අපි ඉතිං කෑලෑවේ, 228, දැන් නං නව නුවර පාර

උදේ පාන්දර... පාන්දර කිව්වට පාන්දරම නෙමෙයි උදේ 6.00 විතර,  දුමකිනුයි බුලත් විටකිනුයි සංතෘප්ත වෙච්ච අපේ මාතලී එයාගේ ගජය එක්ක වැලිවේරියෙන් ගමන පටන්ගන්නේ,

දෙල්ගොඩ තමයි අපේ ප්‍රධාන නැවතුම්පල

පූගොඩ, දෙකටන පාරෙ එන අපේ සෙට් එක හැමදාම වෙලාවට එනවා.....

ඒක හින්ද අඩුම උනොත් දෙල්ගොඩ පැය භාගයක්වත් නවත්තන් ඉන්නවා

ඉස්සරහ ඩ්‍රයිවර් සිට් එක ගාවින් පටන්ගත්තහම

මුල් පේලි දෙක තුන කොට කලිසන් කොල්ලෝ

ඊලග පේලි දෙක තුන හිරිඔතප් නොබිදිච්ච කෙල්ලෝ......

කෙල්ලෝ ??????

ඔය පොදු පාසල් නොවන ස්කූල් බස් වල ගිය උන්ට සොරි හොදේ ...........

ඊළගට ඉතින් කොටු කොටු සෙට් එක

පිටිපස්සේ ඉතින් දිග කලිසන් කොල්ලෝ

අන්තිම සිට් එක නාසා එකට

මේ වසර ගණනාවක් පුරා ඒ ගමන්මගේ වෙච්ච හිතේ කොනක ඉතුරුවෙච්ච දේ ............

හොර ලී 

පැහැසරණිය මිණි පැමිණිය කොත්අගට

බඳ කිකිණිය දද ගිහිණිය විමන්    වට

නොව පැරණිය වන රමණිය විටින් විට

සැළලිහිණිය වදු කැලණිය    පුරවරට....

ඇද උඩට නෙමෙයි කැලණියට හොදේ .......

රාහුල හාමුදුරුවෝ සැලාට වදින්ඩ කියාපු කැළණිය අපි හැමදාම වැන්ද අපේ හාමුදුරුවනේ 

ඔන්න ඔය කැළණි නදී මිටියාවතේ  කැලණිය පන්සලට කිට්ටුවෙන්ම සාර සුබාවට තිබ්බා ලී මඩුවක්

අපි ඉතින් පරිසර හිතකාමී පාසල් දරුවෝනෙ.....

ගස් කැපීමට අපේ ඇති විරුද්ධත්වය පෙන්නන්ඩ තීරනේ කරපු අපි

ඔය ලී මඩුව ගාවින් උදේ හවස යනකොට හොර ලී  කියල කෑගහන ගමං  හූ සංග්‍රහයක් දෙන්න අමතක කලේ නෑ

දවසක් දෙකක් යද්දී ලංකාවාසී බොහෝදෙනාට වගේ අපිටත් මුල් අරමුණ අමතක වුනා

දැන් සෙට් එක ආතල් එකට හැමදාම හුවයි සද්දෙයි දෙනවා

ඔන්න ඒ සුන්දර දවස උදාවුණා මිත්‍රවරුණි..............

අපි සුපුරුදු සංග්‍රහය දුන්න විතරයි .....

බස් එකට දෙපැත්තෙන්ම වැදුන නේද ලී කුඩු මිශ්‍ර ජල ප්‍රහාරයක්

රින්සෝ දාල කිරි කොකා වගේ හෝදපු සුදු ඇදුම් දැන් පරණ පොලිස්කාරයෙක්ගේ කාකි සූට් එක වගේ කියපන්කො

සුන්දර නා මෙනවියෝ නැති කැළණි ගගෙන් ඇදුම් හෝදගෙන කාන්තා පාර්ශවේ උන්ගේ සේරම කතන්දර ටිකත් අහගෙන හොර ලී  කේස්  එක left.

හූවේ ආනිසංස

එකට ඉන්න උං එකා වගේ ඉන්න ඕනේ කියල වටුකුරුල්ලගේ කතාවේ අහල තියෙනවනේ

අපිත් ඒ අත්මොපදේශ කතා එකසියගානට පිළිපැද්ද

බස් එක ඇතුලේ එකෙකුට වැරදිලා හරි හූවක් කියවුනත් මුළු බස් එකම ඒක රිපීට් කලේ කිසි ලෝභකමක් නැතුව

එදා උඩුපිල නාරන්වල අතරේ උදේ ඔය වැඩේ වෙනකොට බස් එකේ අපි හත් අට දෙනයි හිටියේ

හවස ඉතිං ක්ලාස් යන උනුයි ගම්පහ යන උනුයි විස්සක් විතර 

උඩුපිල පාස් වෙනකොට පාර  සුදු ඉටිකොළ වලින් ලස්සනට සරසල කොඩි වැල් දාල

වැදගත් පොරක් සුබ ගමනක් ගිහිං වගේ

අපිත් ඉතින් වෙසක් බලන්ඩ ගියා වගේ සිරි විසිතුරු බලබල ආවා

චරාස්.... චරාස් ..... චරාස් ......

ගොම මිශ්‍ර සීතල වතුරෙන් ගත නැහැවුනා

උදේ හූ කියල තියෙන්නේ ඒ මළගේ ඉස්සරහ

ඉතිං මියගිය ඇත්තගේ නෑදෑ හිතවතුන් අපිට සෝකය ප්‍රකාශකලා...


ඉස්සරහ හෝල්ට් බහිනවා

 මාසෙකට දෙකකට සැරයක් ඔහොම හැපනින් වෙච්ච බස් රස බස් අරගෙන ආයේ එන්නං

පින්තූර ගත්තේ   http://sltbbus.blogspot.com/ පිටුවෙන් 









Wednesday, October 21, 2020

මේ රට මගෙ රට මා ඉපදුන රට


පෙරදිග ලෝකයේ බැබලූ මුතු ඇටය 

රත්න දීපයක් වූ  භුමිය විජය 

අදුරේ රුදුරු දින දින ගිලෙනා විටය 

පන්හිද දරන්නට මට දැන් අවසරය 


නීතිය රකින නිල දරු නොමගේ පාරේ 

නීතිය කරන දෙවගන සළු පිලි නොරැදේ 

රට කරනා ඇත්තන් ඇස් කන් නෑරේ 

දින දින මගේ රට ඇත ගිලෙමින්  අදුරේ 


ගුරුවරු සිසුන් නොමගට යවනා අරුම 

පියවරු දූවරුන් කෙළෙසනවා කොහොම 

හිමිවරු නොම දෙසන්නේ නිකැළැල් දහම 

දින දින අගාදය වෙත යයි මගෙ රටම 


බුදු දෙව් නබි කියා අප බෙදිලා දසත 

නිල් කොළ රතු කියා තව බෙදිලා සැවොම 

එකෙකුට එකෙක් නැති රට ජාතිය සමග 

කෙලෙසද දිනන්නේ මගෙ රට දිනේ හෙට  







Tuesday, October 20, 2020

ඔටුදේසේ රන් කහවණු

කුකුළා අතට ගෙන ඔපිසිය වෙත යන්නේ 

ඇදිරි වැටෙන තෙක් එහි කල ගතවෙන්නේ 

දින සති මාස ගෙවෙමින් වසරුත් යන්නේ 

ඇති ඇති කිය කියා තවමත් කබුරන්නේ


වීසා වැදුනවිට නොයිදුල්  දෙවසරට 

සැමදෙන කීවෙ ඉන්නෙමි මේ වසර දෙක 

මසකට පසුව පය තබල ඔටු දෙසට 

දැම්මා  ලෝනයක් අව්රුදු පහක 


ඉඩම ගන්න ගත්  ලෝනය ගෙවාලා  

ගත්තා තව එකක්  ගෙය ගැන හිතලා 

වෙඩිම ගත්තේ ඒ මුදලත් දමාලා  

බවුන්ඩේසමේ ගල් ඇත දිරලා 


ඉන්නේ සතරවරිගය ලක් මව් තුරුලේ

වසරින් වසර අපි හිරවෙයි වැලි කතරේ 

ගිනිගෙන් දැවෙන මේ රන්කහවනු මිතුරේ 

කිසිදා නොම නිමයි අපගේ සාගින්නේ 


ගත වැදෙනා සුළග යයි සියොළග දවාලා 

මුව දොවනා ජලය ඇත හොදහැටි උණුවීලා 

පුච්චපු මස් සමග රොටියක රස බලලා 

අපි හොයනවා ඔටුරට රන් මසු මැරිලා