Wednesday, November 23, 2022

නොවැම්බරයේ සයිබරයට කෙටුනු දේ

කුලගෙයට පිවිසි දා හැරදමා හුරු නිවස ලුණු ඇබුල් පදම දිව නොම සෙව්වේ කිසි දිනෙක මැදියමේ හෝ ගෙදර පැමිණියෙමි මිතුරෝ හැර පිය සෙනෙහෙ පති සෙනෙහෙ දුනිමි මට හැකි ලෙසක

23/11/22


පුරුදු පාරෙම යන්න... දෙපස බලන මසැස වෙනස්කරගන්න පුරුදු පාරේ නුපුරුදු දේ පෙනේවි ඒ නුපුරුදු දේ නව ඉලක්කයක් සදාවි අසහනය දුරලාවි පුරුදු පාරෙම යන්න...

11/11/22


වයිපයි මායි ගමනක් යන වෙලාවේ කළු කරගෙන ආවා වැහි වලාවේ දිව ඔසුවක් වූ වොඩ්කා කලාවේ පාළු මැකූ ඇගේ සිංහයා සිනහවේ 🍻

07/11/22


ගිගුම් හඩ මැඩ දසත රැව්දුන් හදවතේ ඉකි බිදුම අකුණු පහරකට වැදී කැළෑබුණු දහසක් සිතුවිලි මිහිර හා සන්තාපය මුසුවී ගලන කදුළු දියඇලි ගලා බසිනා දියෙහි දියවුනි කුමාරි බබසර

06/11/22