Tuesday, August 30, 2022

තාත්තාගෙන් කෙල්ලන්ට

පිය පදවි ලබාලා දෑතෙ නුබ හොවාලා

අදට එකලොස් වසක් ගොහින් ඇත ඉගිලිලා 

නෙක වගුරු කටු පදුරු ඉදිරි මග පිරීලා

යන්න ලොව ජය ගන්න ලොවක් ඇත ඔබ බලා

28//08/2022


දෝතේ හොවා නැලවූ පණ උරට උසයි

සුරතල් බොළද බස් වහරද අද නෑසෙයි

බෝනික්කන්ද නිරතුරු දෙඅතේ නොරදයි

මව් පිය උරුම දුන් ලොකු කෙල්ලට දහයයි


දුවේ ලොව නතර වී ඉසිබුවක්ලයි මෙකල

දුවේ නැත නතරයක් උබේ ජය ගමන හෙට

දුවේ හොද නරක දෙක දැන හැදින ගන් හොදට

දුවේ නුබ සිසිලසක් වෙයන් දාගිය ලොවට


දස වසකට කලින් නුබ තැබු විට මා දෝතේ

ලෝකෙම සොදුරු දේ නුබ පමණකි සිතුනේ

ගුණ නැණ සුවද බෙදමින් ලොව සතර කොනේ

ජය ලැබ ගන්න පතනමි සුභ උපන්දිනේ...

27/08/2021


ගුණ නැණ බෙලෙන් වැඩුනා ඔබ හෙමින්සැරේ

ටිකිරි සිනා කවට බැලුම් සැම පැතිරේ

සත් වස් සුවද බෙදුවා නුබ ගෙදර දොරේ

පතනෙමු චූටි දූ හට සුභ උපන්දිනේ.

23/01/2021


එකුන් දස වස් ගෙවී ඇත ලැබී පිය පදවි

ලහිරු රැස් දහර මෙන් ලොව දිනයි ලොකු දෝණි 

ගෙවුනු කල මෙන් දුවේ සොදුරු නැත මග ඉදිරි

නිදුක් නීරෝගිමත් සුබ උපන්දින පතමි 

28/08/2020


රුහිරු කිරි කර පෙවූ මව් හද 

අනෙක දාබිදු හෙලූ මා හද

දිරිය දී ජය පැතූ සැම හද

සැරසුවා ඔබ රනින්,


සුමට අත් පා යදඩු වේවා 

ගතේ දාහය පහන් වේවා 

පවන සේ ජය ටැඹ අරා යන

දූට, තිසරණ සරණ වේවා  

Lehansa Bandara awarded Two Gold medals in SLSM Inter house sport meet 2019/20,

28/11/2019


නිවසේ සියලු තැන අණසක පතුරන්නී

පවුලේ සෑම දෙන පරදා ජය ගන්නී

බරඅඩි තැබූ පා ජවයෙන් සවි වන්නී

පස් විය සපිරි අපෙ සුරතල් පොඩි දෝණී

22/01/2019




No comments:

Post a Comment