Tuesday, September 13, 2022

මගේ හද මල

 මගේ හද මල සොරා ගත්තේ ඔබේ සිනහව නොවේදෝ

මගේ සවනත වෙහෙස නිවුවේ ඔබේ කටහඩ නොවේදෝ

මගේ නෙත්යුග එකලු කෙරුවේ නුබේ රූ සද නොවේදෝ

මගේ ගත සිත නිවා දැමුවේ ඔබේ ආලය නොවේදෝ


මීවිතේ රස අමා සුවදුන් මගේ නව යෞවන වියේ

එක්ව වල්වැද දිවිය ගෙවු ඒ ගජමිතුරු කැල සමගිනේ

නොවුනි කිසි ලෙස සිතා ගෙන මා පෙම් කරන්නට කිසි දිනේ

ඔබේ ආලය පැහැර ගත්තේ මගේ කෙලිලොල් ජීවිතේ


සතරවස් කල විදුදැයේ මා ඔබට පෙම් කල කාලයේ

දැමුණු ගිජිදෙකි එක්ව ඔබ මොබ ගමන් ගියෙ එක වීදියේ

දිවිමගේ ඔබ සවිය වූ දා සත් වසක පෙම් සිහිනයේ

සපත කෙරුවෙමි මගේ හදටම රකිමි නුබ මගෙ ප්‍රේමියේ


මගේ හද මල......




No comments:

Post a Comment