පෙරදිග ලෝකයේ බැබලූ මුතු ඇටය
රත්න දීපයක් වූ භුමිය විජය
අදුරේ රුදුරු දින දින ගිලෙනා විටය
පන්හිද දරන්නට මට දැන් අවසරය
නීතිය රකින නිල දරු නොමගේ පාරේ
නීතිය කරන දෙවගන සළු පිලි නොරැදේ
රට කරනා ඇත්තන් ඇස් කන් නෑරේ
දින දින මගේ රට ඇත ගිලෙමින් අදුරේ
ගුරුවරු සිසුන් නොමගට යවනා අරුම
පියවරු දූවරුන් කෙළෙසනවා කොහොම
හිමිවරු නොම දෙසන්නේ නිකැළැල් දහම
දින දින අගාදය වෙත යයි මගෙ රටම
බුදු දෙව් නබි කියා අප බෙදිලා දසත
නිල් කොළ රතු කියා තව බෙදිලා සැවොම
එකෙකුට එකෙක් නැති රට ජාතිය සමග
කෙලෙසද දිනන්නේ මගෙ රට දිනේ හෙට
No comments:
Post a Comment