Tuesday, October 20, 2020

ඔටුදේසේ රන් කහවණු

කුකුළා අතට ගෙන ඔපිසිය වෙත යන්නේ 

ඇදිරි වැටෙන තෙක් එහි කල ගතවෙන්නේ 

දින සති මාස ගෙවෙමින් වසරුත් යන්නේ 

ඇති ඇති කිය කියා තවමත් කබුරන්නේ


වීසා වැදුනවිට නොයිදුල්  දෙවසරට 

සැමදෙන කීවෙ ඉන්නෙමි මේ වසර දෙක 

මසකට පසුව පය තබල ඔටු දෙසට 

දැම්මා  ලෝනයක් අව්රුදු පහක 


ඉඩම ගන්න ගත්  ලෝනය ගෙවාලා  

ගත්තා තව එකක්  ගෙය ගැන හිතලා 

වෙඩිම ගත්තේ ඒ මුදලත් දමාලා  

බවුන්ඩේසමේ ගල් ඇත දිරලා 


ඉන්නේ සතරවරිගය ලක් මව් තුරුලේ

වසරින් වසර අපි හිරවෙයි වැලි කතරේ 

ගිනිගෙන් දැවෙන මේ රන්කහවනු මිතුරේ 

කිසිදා නොම නිමයි අපගේ සාගින්නේ 


ගත වැදෙනා සුළග යයි සියොළග දවාලා 

මුව දොවනා ජලය ඇත හොදහැටි උණුවීලා 

පුච්චපු මස් සමග රොටියක රස බලලා 

අපි හොයනවා ඔටුරට රන් මසු මැරිලා 

 






4 comments:

  1. මචං බණ්ඩා,
    එළටම තියෙනවා...දිගටම ලියපන්...❤️

    සී.වී

    ReplyDelete
  2. එල දිගටම කරන් යමන්...

    ReplyDelete