අවුරුද්දකට දෙකකට
විතර කලින් කොරෝනා හින්ද කෙළ හලන්නේ
නැතුව හතිඅරින්ඩ හම්බවෙච්ච වෙලාවක "බණ්ඩාගේ
සිතුවිලි" බ්ලොගේ ලියවෙච්චි අතීතය අඩයාලමට ගොඩවැදිච්ච් අපේම උං ටිකක් පහුගිය දොහේ
බණ්ඩාගේ මූණුපොතේ උඩහට ගෙනත් තිබ්බා.
ඉතිං ආයේ ගියා කියහන්කෝ අවුරුදු විස්සක් හමාරක්
පස්සට
බාලාන්සේ කාලේ ඉදන් දැකල පුරුදු ඩයල් එකක් කෑගගහ කාවද හොයනවා
...............
හෝඩියේ පංතියට මම යනකොටත් පොර මගේ immediate සින්න
හයේ ඉදං මරියකඩේ සෙන්ට්‍රල් එකෙත් සින්න
අම්මටසිරි මෙන්න මූ මෙහෙ
ජයට කොඩිය බැදපු මගේ සර්වකලීන immediate සින්නා
කාටද දෙයියෝ ඉවසන්න පුලුවන්
මේ අසුර සේනාව මැද්දේ
සීතා බේරගන්ඩ ආව හනුමන්ත වගේ
මලා හනුමන්ත කියන්නේ වදුරෙක් නේද........
ඉතිං එදා පෙනිච්ච විදිහටනේ ලියන්ඩ වෙන්නේ
මොකෝ රාමා කියල ලියන්ඩ මේක 1942 ලව් ස්ටෝරි නෙමෙයිනේ
ඔව් සිතා බේරගන්ඩ ආව හනුමන්ත වගේ මම පොරව දැක්කේ
පොර සින්නොත් එක්ක දුම දාපු ඩයල් එකක් හොයනවා
හිනාව කපාගෙන ලී පුටුව ඔලුවේ තියාගෙන මම පොර දිහා බැලුව විතරයි
පින්වතුනි
අන්න ඉන්නවා කැ #යා .............
මාව බේරගන්ඩ ආපු හනුමන්තගේ සේනාවේ හිටපු තවත් වදුරු මොටෙක්, නෑ ....නෑ..... සින්නෙක් කෑගහල මාව පෙන්නුවා
වෙන්ඩ තියෙන දෙයක් වලක්වන්ඩ සක්කරයටවත් බෑ කියනවනේ
බිව් රං කිරි කොහොම වෙතත් බිව්ව, කාපු ෆිල්ටර් කොට ටිකනං
කටිං එන ගානට හුක් ගෑවුනා ඒ ජේෂ්ඨ උත්තමය මටදුන්න ගරු නම්බුනාම අහුනට පස්සේ
මාර දිව්‍ය පුත්‍රයාට හිටපු රක්තවර්ණ අක්ෂි යුග්මයෙන් යුත්වූ චතුරංගනී මහා සේනාව වගේ තමයි මේ සෙට්
එකත්
ඇතුගල පැත්තේ සෙනවියෝ දෙන්නයි,
එකෙක්ගේ කොන්ඩේ මැද්දෑවෙන්
අබුල්තියල් ගේන්ඩ හදපු හයි වේ පාර වගේ පාරක්
තියෙන තාරකාවක් ,
අනිකා ලී ලෙට කතා කරන්ඩ දස්ස ගොටයිම්බර වගේ කොට හාදයෙක්,
අනික් දෙන්න ඉතිං රාජකීය පහස ලබපු පානදුරාවාදී කස්සපුටයෙකුයි, මගේ සදාකාලීන සින්නතුමයි.
සෙට් එකම පැන්නේ නැතෑ මගේ ඉස්සරහට
අම්මේ මල් මී පැණි බින්දු බින්දු පෙම් මදිරා සාරු සාරු...
සුවද ..දැනී.. දැනී........ දැනුණා ............
ඒ ආපු සුවදට රස නහර පිනාගියා ..................
ඈ බෝල තෝ ආපු දවසේ ඉදන් දුම දාන්නේ තෝ මේක මොකක් කියල හිතාගෙනද????
තොට ආතල්ද???
තොගේ ඇ # කරකවල ගන්නේ.......
තෝ වර ඕක බිමින් තියල........... ඒ ගෞරවණිය සුන්දර ඉල්ලීමක්
අපි ඉතිං හැදිච්ච දෙමව්පියන්ගේ නැහැදිච්ච දරුවෝනේ ආයුබෝවන්ඩ,
මේ මලදානේ වරදියටමයි ටයිප් වෙන්නේ,
නැහැදිච්ච දරුවෝ නෙමෙයි හැදිච්ච දරුවො, හැදිච්ච
දරුවො //
ඔව් කියපල්ලා යකුනේ බකන්නිලාගෙන ඉන්නේ නැතුව
අපි ඉතිං වැඩිහිටියෙක් යමක් කිව්වහම අහන, මොන වහන්තරාවක උනත් දන්න කියන කෙනෙක් හම්බුනාම හිනාවෙන්න
දන්න අයනෙ
සිරිත්මල්දමේ සිනා නොමසෙන් දසන් දක්වා කියල ලියල තිබ්බට මංතුමා
අපේ සින්නයියට හායි කියල දත් තිස්දෙකම පෙන්නලා හිනාවුණා.
අප්පටසිරි උගේ මුනත්තහඩුව යකෙක් දැක්කා වගේ උනා කියහන්කෝ
ඒකට හේතු ප්‍රත්‍ය හොයන්ඩ මට ඉස්පාසුවක් එන්ඩ කලිං
යකෝ තව මූ හිනාත් වෙනවා කපපිය හුත්# හිනාව
ලී ලෙට කතා කරන හාදය මගේ ඇගට ගොඩවුනා
ඇහුව කියපන්කො අර ඉතිහාසගත ප්‍රශ්නේ ආයෙත්
තෝ කොහේ ඉදලද එන්නේ ???
ඇත්තම ගම කියන්ඩ ගිහිං වෙලා තිබ්බ අටෝරාසියක් අකරතැබ්බ හින්දයි,
මගේ සර්වකාලීන සින්නතුමත් සියනෑ කෝරළේ පොරක් හින්දයි බයක් සැකක් නැතුව කටපුරෝලා ගම්පහ
කියල කිව්වා ආයුබෝවන්ඩ
අනේ කොහොමත් කාලවර්ණ මෙගේ අතිජාත සින්නතුමගේ මූණත්තහඩුව කන්කලු
වෙලා ගිය කියහන්කෝ
ආ උබ ඒකද මේ පොර වෙලා තියෙන්නේ. අඩෝ තෝ හිතාගෙන ඉන්නේ ##..## වගේ දාහකුත් එකක් ප්‍රශ්න පත්තරයක් සෙට් එකෙන්ම අහනවා. මගේ සින්නතුමා නෙමෙයි කටක් හොල්ලන්නෙ
තෝ කොහෙද ඉස්කෝලේ නායකේද
???
කෝච්චිය පරණ පාරෙමයි...........
HSC කොරන කාලේ සමහර දවස් වල නායකේ පන්තිවල පැයක් දෙකක් හිටියට,
අගලගෙන්, බිබිලගෙන් බේරෙන්ඩ කට්ටි පැන්නට
ඇත්තටම නායකේ නෙමෙයිනේ
තොට ඇහුනේ නැද්ද ???? තොගේ ඉස්කෝලේ කොහෙද ???? ඒ පාර ඇහුවේ අර රාජකීය පොර
දැන් ඉතිං වෙන කුමක් කරන්නද..............
ඉස්කෝලේ නම කිව්වා විතරයි ,,,
චතුරංගනී සේනාවේ සෙන්පතියෝ තුන්දෙනෙකුට බකස් ගාල හිනා පහලවුණා
මේ වෙනකොට මෙගේ අතිජාත සින්නතුමාගේ මද පදම කෙලවෙලා ඇස් උඩ
ගිහිං
.....................................................................A Few Moments Later.....................................................
වරෙන් වරෙන් පැත්තකට .....
සිහිය ආවට පස්සේ මෙච්චර වෙලා නොකර සද්ද හිටිය පොර මාව චතුරංගනී
සේනාවෙන් පැත්තකට ගත්තා
දැන්නේ බොලේ අපේ උං රගන රැගිල්ල දැක්කේ....
එකියක් සින්දු කියනවා, එකියක් කවි කියනවා, තව එකියක් වන්නමක්
නටනවා, එකෙක් මනෝ පුටුවේ, තව එකෙක් පුටුවක් උඩ නැගල මොනවදෝ කියවනවා, එකෙක් කෝච්චියේ
යනවා, එකෙක් බස් එකේ යනවා,අනික් උන් සේරම ලී පුටුව ඔලුවේ තියාගෙන ගිණිවිජ්ජුම්බරයයි
ඒ අස්සේ මල් කඩන සින්නොත් නැත්තේම නෑ හොදේ.........
දැන් ඉතිං පවුල්කාරයෝ හින්ද පහුගිය දේවල් කියල හිත කොනිත්තන්ඩ ඕනේ නෑනේ නේද ????
හෙමින් සැරේ අයියාතුමා එක්ක කොරිඩෝවට ලයින් කළා
උබත් මහෙට ආවද........
ඒ ලෙන්ගතු සහෝදර බැදීම...
වසර ගණනාවක් හමුනොවුනත්, කතාබනුවෙන් කතාබහ නොකලත් අදටත් එලෙසමයි
වාහනේක එන්ජිමක් ගලවන්ඩ, විදුලි බලාගාරෙක වැඩබලන්ඩ, තට්ටු
බිල්ඩිමක ඩිසයින් එක කරන්ඩ වගේ හීනවල් හිතේ තියාගෙන අඩියක් උඩින් පලවෙනි දවසෙ උදැහැනැක්කේ
ගොඩ වැදිච්ච් අපේ උන්ට මුලින්ම සෙට්වුණේ ඔන්න
ඔය වගේ ආතල්........
එහෙන් මෙහෙන් අමාරුවෙන් පඩි නැගගෙන ආපු ස්ත්‍රී පරාණයක් අතේ
තිබ්බ ෆයිල් මිටියෙන් ගහල සින්නො ටික එලෙව්වා.
ලපයක් නං මූනෙ තිබ්බේ නෑ අපේ හාමුදුරුවනේ
Active voice and Passive voice...... ඔන්න පලවෙනි පාඩම
මළා .....
අයෙත් ඉංගිරිසී........................................
ඉන්ජිනේරින් ඉගෙනගන්ඩ.......
නෑ ...නෑ..... බං ඉංගිරිසී ඉගෙනගන්ඩ
කුකුළත් අතින් අරං ගම්පහ මිගමුව 240, ගම්පහ කටුනායක 270 බස්වල ආපු, කාපු, බීපු, අතීතයත් එක්ක
හමුවෙමු...............