Monday, October 19, 2020

වසර 15 කට පසු නැවත පැමිණීම ……

 

2018 ඔක්තෝම්බර් මාසයේ එක් සීතල සන්ධ්‍යාවක , හිටපු ඕමාන් ජාතික ක්‍රිකට්   නායකයා ඉදිරිපිට සුදු පැහැති බෝලයක් අතින්ගත්  තඩි බඩක් සහිත කි.ග්රෑ.90  බර මම සැදී පැහැදී සිටියේ ඊලගට පන්දු යැවීමටයි . "උබට බෝල දාන්ඩ පුලුවන්ද " එය පුදුම සහගත දෑසින් යුත් ඔහුගේ ප්‍රශ්නය විය. Al Amerath ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී  වසර 15 කට පසු මම ලෙදර් බෝලයෙන්  පන්දු යැවීම සිදු කළ දිනය එයයි.

 වමත් chinaman පන්දුයවන්නෙක්  ලෙස මගේ නායකයාගේ  මනසෙහි යම් පැහැදීමක් ඇති කිරීමට මට අවස්ථාවක් ලැබුණි. Ajay Lalcheta,  හිටපු ඕමාන් ජාතික කණ්ඩායමේ නායකයා මෙන්ම වමත් දඟ පන්දු යවන්නා විය. Al Tasnim Enterprises   විසින් සංවිධානය කරන ලද Tasnim Cricket Leagueයේ  ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වීමට ඔහු මට අවස්ථාවක් ලබා දුන්නේය.

https://en.wikipedia.org/wiki/Left-arm_unorthodox_spin

 එය දුෂ්කර කාල පරිච්ඡේදයකි. මම මීට පෙර කවදාවත් විස්සයි 20 තරග ක්‍රීඩා කර නැත . ශ්‍රී  ලංකාවේ අපි ඕවර 50 තරග ක්‍රීඩා  කළ නමුත් එය වසර 15 කට පෙරය. මම මගේ ව්‍යායාම   මට හැකි පමණින් සිදුකලෙමි. මම මගේ ආහාර පාලනය කළ නමුත් මගේ බර කිලෝග්රෑම් 87 වඩා අඩු කර ගත නොහැකි විය. මම පන්දු යවද්දී  සමහරුන්ට  සිනහපහලවීම නැවැත්විය නොහැකිවිය. සෑම අවස්ථාවකම මගේ බඩ මට පෙර ගමන් කළ නිසාය . නමුත් පුහුණු  සැසිය අවසන් වන තුරුම මම පන්දු යැවීම නතර කළේ නැත. අවසාන වශයෙන්, මම TCL 2018 හි පළමු තරගය සඳහා Tasnim Royals කණ්ඩායමේ  ක්‍රීඩකයින්  11 දෙනාට තෝරාගැනිනි.

 එදා සවස් වරුව  Oman Cricket Academy Al Ameerat ක්‍රීඩාපිටියහි විදුලි පහන් යටතේ  පුදුම සහගත හැඟීමක් මගේ හිතේ ජනිත කළේය. වයස අවුරුදු  40 ආසන්නව සිටියත් මට දැනුනේ පාසල් ක්‍රිකට්  ක්‍රීඩකයෙකු ලෙසය. සැහැල්ලු පන්දු  තරඟාවලි වලදී විදුලි පහන් යටතේ ක්‍රීඩා  කිරීමේ අත්දැකීම් මට තිබුණි. නමුත් මෙය සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක් විය.

 තරගය ආරම්භ විය,

https://cricheroes.in/scorecard/217023/Tasnim-Cricket-League/Tasnim-Royals-vs-Tasnim-Daredevils

පළමුව පන්දුවට පහරදුන් අප ලකුණු 199 ක් ලබා ගතිමු. Ajay  සහ Bunty ලකුණු 50හේ සීමාව පසුකල අතර Chathura  හොඳින් ක්‍රීඩා  කරමින් හොද සහයක් ලබාදුනි. ලකුණු පුවරුවේ  විශාල සංඛ්යාවක් සමඟ අපට දෙවන සැසියේදී පන්දු යැවීමට   ප්‍රමාණවත්   නිදහසක් තිබුණි. Ajay  මට හතරවන ඕවරය සඳහා පන්දුව ලබා දුන් අතර ඔහුට අවශ්‍ය  වුයේ අඩු ලකුණු සහිත පන්දුවාරයක් . ඔහුගේ අවවාදය උනේ  බොහෝ දේ කිරීමට උත්සාහ නොකර wicket to wicket පන්දු යවන ලෙසයි.

 තරගය අවසන් වන්නේ Tasnim Royals පිලට විශිෂ්ට ජයක් ලබා දෙමිනි. මම මගේ ඕවර 4 තුලදී  ලකුණු 22 කට කඩුලු 4 ක් දවාගෙන තරගයේ වීරයා ලෙස විනිශ්චය ලදෙමි.

https://cricheroes.in/player-profile/1668002/ASANKA-BANDARA

 එය අදටත් විශ්වාස කළ නොහැක, වසර 15 කට පසු නැවත පැමිණීම ……මෙපමණ ප්‍රීතිජනක  වේයැයි මා කෙසේවත් නොසිතුවෙමි.

 එබැවින් අත් නොහරින්න. දැඩි ලෙස උත්සාහ කරන්න, සටන් කරන්න, ඔබට එය කිරීමට අවශ්‍ය   නම් ඔබට එය කළ හැකිය.

 කොරෝනා උවදුරද අපට පසක් කරන්නේ මේ දෙයමය. ජීවිතය අත්නොහැර බලාසිටිමු. එක්ව නැගිටිමු. 2019 වසරේ Tasnim Cricket League කොරෝනා නිසා අතරමග නැවැත්වීමට සිදුවිය. 2020 ගෙවීගෙන යමින් පවතී. 2021 වෙනුවෙන් බලාපොරොත්තු දල්වාගෙන සිටිමු.

 




 

1 comment: