Wednesday, September 8, 2021

Rising from the Ashes

Pearl of the Indian ocean is a beautiful cricketing country in Indian subcontinent. They became ICC world champions in 1996, because of many scarifications of past players and cricket management. 1996-2014 was the golden era in the lion’s cricket. Under Arjuna Ranathunga’s harboring there were many legendary cricketers produced. From the Aravinda de Silva to Lasith Malinga had their cricketing birth in that golden era.

Prime factors

But the culture of Sri Lankan cricket changed during the period of 2014 -2020. Players got higher salary, sponsors, facilities while they are playing in national level. Money destroys the Disciplines. Many young cricketers couldn’t handle their sudden Income and prestige they earn from society. Hence, they depend on their personal player managers who not haven’t any basic cricketing knowledge. Young, born talented cricketers not considered their fitness level while enjoying their day to day life in bars, nightclubs and etc. Many officials, politicians used those young cricketers for their own wellbeing. Without discipline and fitness there is no competition cricket. Spectators, Cricket lovers from all over the world started to abounded the SL cricket team.

The Turnaround

SLC formed a new cricketing committee with great Aravinda, Muralitharan and Mahanama. Also formed new selecting committee under the world cup winners Pramodya, Kaluwitharana. They have revised payment scheme as performance based, revised the player contract with new disciplinary rules and change the fitness level test criteria. 

The revolt

Unfortunately, senior players have not agreed with those changes and juniors also followed them. All Players refused to sign their player contract, some players requested length leave due to personal reasons and any players appealed about their payments. With those issues they traveled England. 

Suddenly one or two videos spread on social media about three national cricketers breached bio bubble and visited night clubs during the England tour. 

The Action

New committee decided to suspend those culprits to some period due to those players had early disciplinary warnings. Ample number of Srilankan cricket lovers thinking that was the turning point of current victories.

The Much Needed Series Win

After England series young fellows faced two successful host series and domestic T20 tournament. Now seems there is no politics in inside the team or team selection. Either senior or junior, either big hitter or fastest bowler all need to pass the fitness tests and need to play the domestic circuit. Then only the player can qualify for selection. Many young talented cricketers now gather with 29 years old captain Dasun Shanaka who has only 6 test matches and 34 ODI experiences. The team is having energetic heated young blood, they are greedy to win and positive attitudes like never give up.

Let's S
upport

But cricket not only physical game. It is mind game also. We need to guide those players till another 3-4 years. Then only we can provide more pearls from pearl of the Indian Ocean. WAIT AND SEE.

Saturday, August 28, 2021

තාත්තෙක් වීම ලේසි නැත

 කෙල්ලෙක්ගේ තාත්තා වීම කොහෙත්ම ලේසි නැත. කෙල්ලගේ ජීවිතයේ වීරයා තාත්තා ය. තාත්තාට බැරි මගුලක් නැති බවත්, තාත්තා නොදන්නා මගුලක් නැති බවත්, තාත්තා මාර පොරක් බවත් කෙල්ල සිතා සිටීම ඊට හේතුවයි. කෙල්ල අම්මා එක්ක දාගන්නා වලි සියල්ලේ ඇරියස් කවර් කරන්නේ තාත්තාගෙනි. අම්මා එපා කියූ සියල්ල කරන්නට පර්මිෂන් ගන්නේ ද තාත්තාගෙනි. එසේ පර්මිෂන් දුන් කළ අම්මා තාත්තා සමග වලි දාගන්නා බව කෙල්ලට අදාල නැත. ඒකිගේ ලෝකයේ වීරයා තාත්තා ය. ඉතිං අම්මා සමග දාගන්නා වලි වලින්ද තාත්තා දිනන බව ඒකිට ෂුවර් ය.  

කෙල්ල සමග නිදා ගැනීමද ලේසි නැත. ඒකිය නින්ද යන තෙක් තාත්තාගේ අත පය තිබිය යුත්තේ ඒකිට ඕනෑ හැටියට ය. ඒකි කම්ෆර්ටබල් වනතුරු තාත්තාගේ අතපය හතර එහෙට මෙහෙට අඹරවමින් ඒකිට ඕනෑ කම්ෆර්ටබල් එක ලබා ගන්නා අතර, තාත්තාගේ කම්ෆර්ටබල් එක ඒකිට අදාලම නැත. නින්ද ගිය පසුව ද එය වෙනසක් නොවේ. බොහෝ විට රෑ මැදියමේ දී කෙල්ලගේ කකුල් දෙක ඇත්තේ තාත්තාගේ ඔළුව උඩ ය.නැත්නම් බඩට ඔළුව තියා තාත්තා ඇඳෙන් වැටෙන තුරු තල්ලු කිරීම ද නින්දෙන් කෙල්ල කරන සෙල්ලමකි. ඇහැරෙන ඇහරෙන වාරයක් පාසා ඒකි දෙපයින් ඇන විසි කරනා රෙද්ද ගෙන ඈට පෙරවීම තාත්තලා අනිවාර්යයෙන් කළ යුතු ය. කොච්චර රස්නයක හිටියත් කෙල්ල සීතලේ යැයි තාත්තලාගේ හිත නිතර කියයි. තාත්තා යන්නේ කොතැනද ඒ ඕනෑම තැනකට එල්ලී ඒමට කෙල්ල දත කට මැදගෙන සිටී. හැන්දෑවට පොඩ්ඩක් සෙට් වෙන්න හැදුවද ඉස්සෙල්ලාම බලන්නේ කෙල්ලගේ මූඩ් එක කොහොමද කියා ය. කෙල්ල ෂේප් නම් අම්මාව ගොඩ දමා ගැනීම සිම්පල් ය. 

ඇබ ඇට, බටු ඇට ගානට හිඳිනා කෙල්ලන් ලොකු වෙද්දී උනට අවශ්‍ය කළමණාද වෙනස් වේ. ඒවට තට්ටු වෙන්තේ තාත්තාගේ පර්ස් එකට ය. තාත්තාලගේ පර්ස් එක හිස් කිරීමේ මහත් වූ හැකියාවක් කෙල්ලන් සතුව තිබේ. ඉල්ලන ඉල්ලන ඕනෙ මගුලක් තාත්තා අරන් දෙන බවට කෙල්ලන්ට ඇති විශ්වාසය ඊට හේතුවයි. තාත්තාට කෙල්ලව වඩාගෙන සිටීමට අම්මා අවසර දෙන කාලය ඉකුත් වීමට දැන් ආසන්න ය. ඒත් තාත්තාට අදටත්, හෙටටත් කෙල්ල කෙල්ලම ය. ඒකී වඩාගෙන යෑමට බැරි උනත් කරේ අත දමාගෙන යාමට හෝ තාත්තාට හිඳිනා හොඳම යාළුවා ය. කෙල්ලගේ හොඳම යාළුවා ද තාත්තා නම් , තාත්තාට කෙල්ල ගැන බය වීමට කිසි හේතුවක් නැත. 

දෝතේ හොවා නැලවූ පණ උරට උසයි

සුරතල් බොළද බස් වහරද අද නෑසෙයි

බෝනික්කන්ද නිරතුරු දෙඅතේ නොරදයි

මව් පිය උරුම දුන් ලොකු දෝණිට දහයයි





Thursday, December 17, 2020

තෝ ලාම්පුවට තොල් දාලද ?????

දුම්බීම ශරීරයට අහිතකරයි !!!!!!!!!!!!!!!!!

එදා අන්තිමට සුදු ෂර්ට් එකයි කළු කලිසමයි ඇදල පොලිෂ් කරපු සපත්තු දාපු  පිළිවෙලට ඉන්න සෙට්එක පැත්තට  මම සිංගල්වීල් එකේම ලයින් කලා මතකයිනේද  උබලට ....

ගිහින් ඉතිං මගේ සුපුරුදු තැටිය ගහන්ඩ පටන්ගත්ත. උන්ට මං ගැන වගේ වගක් නෑ , 

උන්ගේ හතර පස් දෙනෙක් පොරකෑවෙ කැරම් බෝඩ් එකේ පුටු වලට, තව සෙට් එකක් වැඩේ තුන හතරක් බෙදාගන්ඩ 

ඉතිං උන්ට මං ගැන වගේ වගක් නෑ .

මගේ තැටියේ අන්තිම හරියේදී තමයි උන්ට මාව මීටර් උනේ,

අනේ වාසනාවන් ............

අඩෝ උබ සිගරට් බොනවද ???? කොහේදෝ පැත්තක ඉදංආපු ඝෝසකයෙක් වාගෙ ඇත්තෙක් මගෙන් ඇහුව,

වෙලා තිබ්බ උඩප්පරන් හැටියට චීස් කෑල්ලද පොල් කෑල්ලද කන්නේ කියල පිහි තලේ උඩ බෙල්ල වනපු මීයා වගේ කරන්නේ මොකද්ද  කියලවත් හිතාගන්ඩ  බැරුව ඉන්නකොට කොහොමද ඉතිං ඔය වගේ පට්ට අධ්‍යාත්මික ප්‍රශ්නයකට උත්තර දෙන්නෙ.  

ඕන එකක් වෙච්චාවෙ කියල මං  නෑ  කියල කියන්ඩ හදනකොටම, ශ්‍රද්ධා සම්පන්න සුපින්වතුනි,

 පලවෙනි වරට පාලි සංස්කෘත එක්කම 

තෝ සිගරට් බොනවද හු ##, 

කියල පුදුම මිත්‍රශීලි කමකින් අහපි,

සුදු ෂර්ට් එකයි කළු කලිසමයි ඇදල පොලිෂ් කරපු සපත්තු දාපු  පිළිවෙලට ඉන්න සෙට් එකේ මනුස්සකම දෙපිටින් දොරේ ගලන්ඩ පටන්ගත්ත 

නෑ  අයියේ ..... 

හැදියාව ඇති ළමයි ඔය වගේ දුරාචාර කරනවද නෑනෙ  නේද ??????

ඔව් කියහල්ලකෝ යකුනේ මාවම කන්ඩ බලං ඉන්නෙ  මේකෙ,

නෑ ......... 

එහෙනං කොහොමද  තොගේ තොල් කලුවෙලා තියෙන්නේ???  

තෝ ලාම්පුවට තොල් දාලද ?????

අප්පොච්චයේ, අම්ම මුත්ත කාලෙවත් අහල තිබ්බ පුරස්නයක් නෙමෙයි නෙ ඇහුවෙ, දැන්  ඉතිං  දීපංකො ඕවට උත්තර . 

 හොද වෙලාවට ඒ කාලේ ඔය හෑන්ඩ් ෆ්‍රී සෙට් එහෙම තිබ්බේ නැත්තේ  උරන්ඩ, නේද අපේ හාමුදුරුවනේ,

නැත්තං තොලේ ඇති විවිදත්වය ගැන සින්නට තිබ්බ දැනුම හින්ද තව පුරස්න කෝටියකට විතර උත්තර දෙන්න වෙනව. 

මට හිතෙන්නේ සින්නට මිනිස්  තොල් පිළිබද MIT එකේ ආචාර්ය උපාදියක් තියෙනවද කොහෙද .

මොකද මේ දවස් වල ඒකෙ  ආචාර්ය උපාදි තියෙන උං වැහි වැහැල 

ආ.... බොන්නැතුවට  කමන් නෑ  වරෙං අපිත්  එක්ක යන්න,  ඒ ලග හිටපු හතර රියනක් විතර උස පොරක්, මෙන්න ඉතිං පොර  නැගිටල පෙර ගමන් ගත්ත

ඔන්න ඉතිං  යාලුවනේ පරණ කතා දෙකේම මංතුමා ප්‍රධාන චරිතේ උනාට මේකට චරිත දෙක තුනක් සෙට් වෙනව 

හතර රියනක් විතර උස ජෝර්ජ් රජතුමාගේ පරම්පරාවේ හැඩහුරුකම් තියෙන  ඇත්තෙක්, වයඹ පලාතේ නම්දරූ ඝෝෂක රත්නයක්, තුම්මුල්ලේ පද්මෙගේ අඩිපාරෙ ගිය දකුණුලකේ හාදයෙක්, තමයි මේ කිරිකොඩු ජුන්නව ඇන්න යන්නේ, 

කොහොමින් කොහොම හරි කැන්ටිමෙන් ගැලවිලා මමත් අර බුදුන් පස්සේ ගිය නන්ද කුමාරය වගේ මේ තුන්කට්ටුව පස්සෙ වැටුන. 

සාන්ත විදිහට කඩයක් කරන මුදලාලි කෙනෙක් ඉන්න ඉස්සරහ කඩේ තමයි අපේ ගමනාන්තය උනේ 

අනේ ඉතිං අදටත් මතකයි 

දෙකට ගණන් කරන්ඩ බැරි මම පැත්තකින් තියාගෙන තුන්දෙනාම ඩබල් දාල  ගත්ත නේද සිගරට් දෙකක් 

දැන්නං මගෙ කට පුරෝලා රස වෑහෙනවා   (දන්නෝ තමයි ඒකෙ රගේ දන්නේ )

මගෙන් ආගිය විස්තර කතා කරන ගමන් අයියල තුන්දෙනා දුම දානවා 

 මේකෙ අළු කඩල දියං ....... දකුණු ලකේ හාදය පුංචි උදව්වක් ඉල්ලුව 

සහෝදරයෙක් උදව්වක් ඉල්ලුවහම ඒක පුළුවන් උපරිමෙන් කරන එක අපේ යුතුකම

මමත් ඉතිං සිගරට්ටුවටත් හානියක් නෙවෙන්න ලස්සනට මැදැගිල්ලෙනුයි දබර ඇගිල්ලෙනුයි කරුව ගහල මහපට ඇගිල්ලෙන් සිගරට්ටුවේ පස්චාත් බාගයට ස්වීට් ටච් එකක් දීලා 

හා හා ඉතිං ඔය බවලත් උදවිය ලග තියෙන පෑන් පැන්සල් අතට අරං ඕක ට්‍රයි කරන්ඩ එපා 

සිගරට්ටුවේ අළු කැඩුව විතරයි මතක 

ඈ  බොල හු ##ගෙ පුතෝ  තෝ දැන් කිව්වා නේද තෝ සිගරට් බොන්නේ නෑ කියල එතකොට තෝ කරුව ගහන්ඩ පුරුදු උනේ අහවල් එකටද .....

කියාගෙන අර ඝෝෂකතුමා කඩාගෙන පැන්න කියහන්කෝ 

මංතුමාට උන් හිටි තැන් අමතකවුනා ඒ වෙලාවේ තමයි තේරුනේ අර කව්ද එකෙක් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියල, කියල තියෙන්නේ කට කහනවට නෙමෙයි කියල 

දැන් ඉතිං  මං කුමක් කරන්ඩද ........... ආදරය කරනු මිස.......... 

අදටත් මං කියන්නේ ඔය පැකට් එකේ ගහල තියන ඒවායි දොස්තරල කියන ඒවටයි අමතරව සිගරට් බීමේ  දරුණු ආදිනව තියෙනවා 

ඒ වගේම තමයි බොරු කීමේ ආදිනවත් දිට්ට ධම්ම වේදනීය වෙනව 

කරුණාවෙන් කඩේ පිටිපස්සට මාව කැදවන අණ ඇහුනෙ ඒ වෙලාවෙ 

කඩේ පිටිපස්සේ තමයි තිබ්බේ ටෝබැකො එකේ පරීක්ෂනාගාරය 

ඔය සිගරට් බොන ඇත්තෝ බලන්ඩකෝ මේ විදිහට බිව්වහම තියෙන ආතල් එක 

සිගරට් කිව්වට සිගරට්ම නෙමෙයි ෆිල්ටර් 

ෆිල්ටර් කිව්වට එකක් නෙමෙයි දෙකක් 

ෆිල්ටර් කිව්වෙ මේ වතුර ෆිල්ටර් එහෙම නෙමේ සිගරට් එකේ ෆිල්ටරේ අර අනික් හාදයෝ තුන්දෙනාම කටේ තියං ඇදපු එක 

කව්ද හිතන්නේ නහයෙ තියෙන හිල් දෙකෙන් ෆිල්ටර් කොට දෙකක් ඇදල කටින් දුම දාන්ඩ නිකන් ඉන් ටු ඩි ඩ්‍රැගන් වගේ 

කටින් එක ෆිල්ටර් එකයි නහයෙන් එක ෆිල්ටර් එකයි එකවර අදින්න 

අවසානයේ රස නහර පිනා යන ෆිල්ටර් කොට ආහාරය ..... ඒක යූ ටියුබ් එකේ මේ දවස් වල වැහි වැහැල තියෙන කිසිම කෑම චැනලයකවත්  නැති රහස් වට්ටෝරුවක් 

ඉතිං එකී මෙකී නොකී  සියලු දේ කරල අන්තිමට අරං දුන්න ප්ලේන්ටියත් ගහල කිරිකෝඩු ජුන්න පාරට ඇවිත් බස් එකේ ගෙදර ආව, 

ඒක තමයි පුරා වසර හතරක් මම ආසාවෙන් ගතකරපු මගේ ශිල්ප තක්සලාවෙ පලවෙනි දවස 

ඉතිං ඒ හිටපු අවුරුදු  හතරෙ මේ බණ්ඩගේ  හිතේ කොනක ඉතුරුවෙච්ච දේ ඉස්සරහට කියංඥ්ඥං හොදේ ........


යකෝ පලවෙනි දවසෙම  සින්නොත් එක්ක සිගරට් බීපු එකා කව්ද ?????? 

බාලාන්සෙ කාලෙ ඉදං දැකල පුරුදු ඩයල් එකක් කෑ ගගහ කාවද හොයනවා ......









Thursday, October 29, 2020

කොහෙද උබෙ ඉස්කෝලේ ????

 ආ.... උබල තාම මේසෙ යටද??? වරෙල්ල වරෙල්ලා දැං උඩට කතාව අහන්ඩ,

කොහෙද උබෙ ඉස්කෝලේ ????.....

සින්න ඉස්කෝලේ නම අහපු ගමං ඉහමොල රත්වුනා සහෝදරවරුනි,

අප්පමාදෝ අමතපදං ......කියල තුන් තිස් පැයේ මැතිරුවට ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්ඩ නං ටිකක් පමා උනා.

ඇයි තොට මං කියපු දේ ඇහුන් නැතෙයි ..... 

දැන් ඉතිං මන්ද පමා නැතුව කියන්නත් එපැයි,  

හැබැයි ඉස්කෝලේ කිව්වට පස්සේ ගම්පහ කියල අහගත්ත ඒව ඩබල් ත්‍රිබල් වෙලා එනවා කියල ඒ වෙනකොටත් මගේ ටිකිරි මොලේට තේරිලා තිබ්බෙ.

වා නං වා.. පෝ නං පෝ ..  කම් ඕ ගෝ චිකාගෝ,  කියල කියන්ඩයැ 

චිකාගොත් නෙමේනෙ මරදානෙනෙ,

හතරට පහට ඇඹරුන මම ඇහෙන නෑහෙන ගානට ඉස්කෝලේ නම කියල දැම්ම, 

 කොහෙද ?????

අනේ අර ජෙෂ්ඨ උත්තමය අහනවා,

කොළඹ කියල කියන්ඩ හදද්දී දිව පැටලිලා කියවුනේ මරදානේ කියල කියපංකො,

ඒක ඇහුන විතරයි මිත්‍රවරුණි , 

රා කළ සොලොසක් බී දසත ගුගුරුවමින් නුවරවුන් හුදී ජනයා කම්පිත කරවමින් මහමගට බට නාලාගිරි නම් වූ  හස්ති රාජයා වගේ 

අයියා බැලුවෙ නැද්ද මං දිහා.

අඩෝ තෝ ඒකෙ කියල ලොකු එකෙන්ද ????

ඇයි තොගේ ඉස්කෝලේ ලොකුද ??? 

ලොකු කමකට කියනවා නෙමේ ආයුබෝවන්ඩ අපේ ඉස්කෝලේ ඉඩම  අක්කර වලින්ම අක්කර10ක් ලොකුයි. කොළඹරට මැද්දෑවෙ අක්කර 10ක් කියන්නේ සුළුපටුද .. 

ඕව ඉතිං මං තේරුං කොරන්ඩයැ  මේ නාලාගිරියට... 

තොපිල මේ එක එකාගේ ඇ # මිරිකල මේවට ඇවිල්ල  ටික දවසක් ඉදල දාල යනව. අන්තිමට තව එකෙකුට එන්ඩත්  නෑ  

මේකා නවත්තන්නේ නෑ  හරියට 96, 97 කාලේ සනත් ජයසූරියට මනෝජ් ප්‍රභාකර් අහුවුනා වගේ, 

  ආ ඒකද  උබ මේ  ලොක්කෙක් වගේ ආපු හැටියේ දුවන්නේ????

එහෙම මේ උබල ඕනෙ වෙලාවට එන්ඩ යන්ඩ  තෝ මේක අම්බලමක් කියල හිතුවැයි .... 

වෙන්ඩ තියෙන දෙයක් සක්කරයටවත් වලක්කන්ඩ බෑ කියනවනේ,  එලියට යන ගේට්ටුව පෙනී පෙනී ආයෙත් මාව ඇදගෙන ආවෙ නැතෑ  කැන්ටිමට. 

කියන්ඩ සන්තෝසයි අර මට ගල්බනිස් ගිල්ලවපු සෙට් එකත් තාම එතන.

උං සෙට් එක තවත් මං වගේම බෝපැලයක් වගේ අහිංසක කුරාකුබියෙකුටවත් වරදක් නැති කොලුපැටියෙක් මඩවනවා ලෙසටම.

ඌ කොච්චර සෙට්වෙලා ඇවිල්ලද කියනවනං ඌ දහම් පාසල් සහතික, නිවාසාන්තර උස දුර පැනපු සහතික සේරම ගෙනල්ල. මම යනකොටත් ඌ මනෝ පුටුවක් ගහගෙන සින්නො සංවර ශීලයෙ  පිහිටවනවා.

හැබැයි මම ඌව දැක්ක අන්තිම දවසත් එදා ... 

ඒ....මේ බලපං මූ මරදානෙ  ආ###  ලු,  

බඩගින්නේ හිටපු වානර රෑනකට ඉදිච්ච කෙහෙල් කනක් හම්බවුනාම කොහොමද ආතල් එක,

 දැන් ඉතිං ආයෙ කරපංකෝ මුං  කරන්ඩ කියන සේරම,

ආ උබ එහෙද??? ඇයි උබ හිතන්නේ ඒකෙන් ආපුවහම් පොරවල් කියලද ???

අඩෝ මේ උබට ආයේ මේක ඇතුලේ ඔය නම කියන්ඩ බෑ , 

තොගේ ඉස්කෝලේ අද ඉදං  "මරියකඩේ සෙන්ට්‍රල්"  හරිය.. 

ඔන්න ඉතිං තල් අත්තට බොරළු වැටෙනව වගේ නාලගිරියයි උගෙ සෙට් එකයි  කියවගෙන කියවගෙන යනව, 

දැන් උබ තනි කකුලෙන් හිටු, 

ආ.... ඔහොම පැන පැන මේ කැන්ටිමේ ඉන්න හැමෝම ගාවට ගිහිං කියපිය උබේ අලුත් ඉස්කෝලේ නම,

ඇටබිරිත්තන් කාලේදි  බට්ට පැන්නට පස්සේ  ආත්මෙකට බට්ට පැන්නෙ නෑ,

දැන් පලකො මෙහෙම  බට්ට පැන පැන,

කැන්ටිමේ පැත්තක සින්නො සෙට්එකක්  කැරම් ගහනව, 

තව සෙට් එකක් ටීවි බලනව, කනවා බොනවා, 

තව උන් ටිකක් ... උං  නෙමෙයි ඒකෙ ස්ත්‍රී ලිංගෙ,

 ලේසියට අපි සින්නියෝ කියමු බොරුවට පොත් පෙරලන් සැටලයිට්  එක වටේට දාගෙන ඉන්නව. 

ආ ....ආ .... ඒ අතරෙ කොටුදාන තරං නැතිවුනාට ලව් කරන උනුත් හිටිය. 

ඉතිං සීනියර් උත්තමයන්ගේ කාරුණික ඉල්ලීම හින්ද සින්ගල් වීල් එකේ  නැගපු මරියකඩේ සෙන්ට්‍රල්  එකේ මංතුමා මේ සියලු හුදී ජනයා ගාවට යන්න පටං ගත්ත. 

 මුලින්ම ඉතිං අර සින්නියො හිටපු පැත්තට ලයින් කරල උන්ට ආතල් එකක් වුණා, 

සිනා සෙන්න සිනා සෙන්න එතකොට තර වෙයි........ 

කියල කව්ද පඩිතුමෙක් එහෙම කියල තිබ්බලුනේ, 

මම දුන්න ආතල් එකෙන් කටුස්සන් වගේ ඉන්න මුන් ටික තර වේවා!!! 

 ඒ පින්බලෙන්  මට මේ නරාවලෙන් ගැලවීමට හැකිවෙත්වා!!!!

සාදු සාදු කියහල්ලකෝ බං මගෙන්ම ආතල් ගන්ඩ දාගෙන මේක කියවන්නේ, 

ඔහොම හිතාගෙනම සිංගල්වීල් එකේ වමට සිග්නල් දාල හැරෙව්වා දකුණට 

එතකොට තමයි සුදු ෂර්ට් එකයි කළු කලිසමයි ඇදල පොලිෂ් කරපු සපත්තු දාපු  පිළිවෙලට ඉන්න සෙට් එකක් කැන්ටිමට ආවෙ. 

උං නං ටිකක් මනුස්ස පාටයි මේ  කිරිකොඩු ජුන්නගේ හිත කිව්ව.

ඇයි හත්දෙයියනේ කාටද එහෙම හිතෙන්නෙ නැත්තෙ, මෙච්චර වෙලා දැක්ක සේරම සින්නො ඩෙනිම් කට්ටක් ගහල මෙලෝ මැච් විල්ලක් නැති ටීෂර්ට් එකක්  ඇදල බාටා දෙකක් ගෙන හිටපු උංනෙ,

හරියට අර නන්ද කුමාරය දාගිය හේනේ වැදිරියෝ දැකල තව්තිසාවේ දිව්‍ය අප්සරාවෝ දැක්ක වගේ මගේ හිතත් පලයං පලයං ඒ පැත්තට කියල කිව්ව,

මොකෝ එහෙම කියල ඩබල් එකේ යන්ඩයැ , 

මං සිංගල්වීල් එකේම ලයින් කලා ඒ පැත්තට ....

කතාවේ හැටියටනං සෙට් එක සිගරට් එකක් බොන්ඩ යන්න හදන්නේ 

අඩෝ උබ සිගරට් බොනවද ????

ඝෝසකයෙක් වාගෙ ඇත්තෙක් මගෙන් ඇහුව,

වෙලාවේ හැටියට දුමක් දාන්ඩ තිබ්බනං පට්ට ...................... 

පලවෙනි දවසෙම සින්නෙක් එක්ක දුමක් දාපු කතාව ඊළගට අහමු හොදේ...











Thursday, October 22, 2020

තොගෙ ගම කොහෙද ??????

වර්තමානයේ සහ නුදුරු අතීතයේ නම් මෙම ප්‍රශ්නය නොඇසුන, නොඅසූ  තරම්ය. නමුත් වසර විස්සක් පමණ අතීතයේ මෙය අප මුව නිතොර රැදුණු වදනකි. අප නවක සිසුන් ලෙස ඉන්නා කාලයේ ජේෂ්ඨයන්  මුලින්ම අසන ප්‍රශ්නය වන්නේ මෙයයි. මුල් දින දෙක තුනෙහි නිවැරදිම පිළිතුර  ලබාදුන්නත් ලැබෙන ප්‍රතිචාර අනුව කෙමෙන් පිළිතුර වෙනස් විය.

මොන බම්බුවක්ද මේ ....... තෝ ...කියල පටන් අරං රාජකාරි වාර්තාවක් වගේ ලියන්නේ, තොට පිස්සුද ......

ආයේ පටං ගමු , 

තොගෙ ගම කොහෙද ??????

උසස් අධ්‍යාපනය සදහා ආයතනයේ ගේට්ටුවෙන් ඇතුල් වෙච්ච පළවෙනි පැයේම හත් අට දෙනෙක්ම මගෙන් ඇහුව. 

රැග්  එක ගැන අහල තිබ්බට, හීනියට වගේ A /L  වලට ඉස්කෝලෙට ආපු එකෙකුට රැගක් දීල තිබ්බට, ඔය මගුල ගැන මෙලෝ මලදානයක් මං දැනන් හිටියේ නෑ .

ගම්පහ අයියේ........ලේසියටත් පහසුවටත් මං  කියලදැම්ම ,

ආ....  උබ ගම්පහ කියල ලොකු එකෙන්ද, අඩෝ.. මේ.. ඒ ලොකු ලයින් මෙහෙ බෑ  හරිද තේරුනාද උබට 

මල මගුලයි. වටපෝරියල්  දෙනවා. 

ඉවසන්ඩම  බැරි වැඩේ ඒ කෑගහන එකා මටත් වඩා කොට බටු ඇටයක් වගේ  එකෙක් 

උබ ගම්පහ කොහෙද??? හුටා මෙන්න එකෙක්  ආයෙත්  අහපි , දීපංකො  උත්තර 

 වැලිවේරියේ අයියේ .... කියල ඔහේ ආවට ගියාට කියල දැම්ම 

ඒ කාලේ වෙනකොට වැලිවේරිය දැන් වගේ ජනප්‍රිය වෙලා තිබ්බෙ නෑ . පස්සේ ඉතිං  ෂෙහාන් මිහිරංග සුපර්ස්ටාර් වෙලා, ජෙයරාජ් ප්‍රනන්දුපුල්ලෙට බෝම්බ තියල, රතුපස්වල වතුර කේස් වෙලා වැලිවේරිය පොඩ්ඩක් ලංකාවේ ජනප්‍රිය උනා 

වැලිවේරියේ කොහෙද??? මෙන්න මූ ආයේ අහනව 

දැන් නං සන්තෝසේ ඉහෙං කනෙන් බේරෙනවා ... ඒ මදිවට තවත්  පොරවල් දෙන්නෙක් තුන්දෙනෙක්  දැන් සෙට් වෙලා 

වෙනඩ  තියෙන දෙයක් වලක්වන්ඩ  බෑනේ පින්වත, තිබ්බ නොතේරුම්කමටම මං  කිව්වා අපේ ගමේ නම 

වැලිවේරියේ ... කිරිකිත්තේ අයියේ .............

මොකද යකෝ කියවන උබල හිනාවෙන්නේ, කිරිකිත්ත කියන්නේ ලංකාවේ තියෙන සුන්දර ගමක්. 228 කොළබ - ගම්පහ බස් පාරෙ කොළබ ඉදල හැතැක්ම 18ක් ආවහම තමයි කිරිකිත්තට යන පාර හම්බවෙන්නේ . දැන් ඉතින් මං ඕව කියන්ඩද එතන.

බකස් ගාල හිනාවෙච්ච සින්නො ටික හරි ඉක්මනට හිනාව කපල සෙට් උනා  කියපන්කො හොද බයිට් එකකට 

කිරිකිත්ත ඒක කොහෙද බොල  තියෙනේ, කියපිය බලන්ඩ තොගෙ ගමේ නම හදුනා හැටි 

අනේ හරිම කාරුණික ඉල්ලීමක් 

අන්තිමට ගමේ නම හැදුන හැටි, (කිරි + කෑ +කෙත ) කිරිකිත්ත වෙච්ච හැටි දන්න අහල තිබ්බ විදිහෙට කියලදැම්ම

ඒ කියන්නේ යටගිය දවස බරණැස , නෑ නෑ  බරණැස නමේ ලක්දිව සොලීන්ට එරෙහිව සේනා සංවිධානය කරපු වළගම්භා රජතුමා ඔය වාරණ අත්තනගල්ල ගල් ගුහා වල ඉන්න කාලේ  වෙලේ (කෙතේ) ඉදං කිරි කාපු හින්ද (කිරි + කෑ +කෙත ) කිරිකිත්ත වුණාලු 

ඕක කියල ඉවරවුනා විතරයි මචං එකෙක් අල්ලාගත්තේ නැතෑ  ඔය කතාවේ තිබ්බ කිරි කාපු කෑල්ල 

ආ එහෙනං උබල එදා ඉදං කිරි කන උං නෙ  එහෙනං කියපං බලන්ඩ කොහමද අන්ධය කිරි කෑවෙ කියල 

හත්තිලව්වට ගහපු කලාබරේ වගේ මතක නෑ  කියපංකෝ කථාව  මොනව කරන්ඩද මේ වසවර්ති මාරයන්ගෙන් ගැලවිලා ගෙදර යන්ඩත් එපැයි . ඉතිං  මතක විදිහට තටම තටම ගැටගහගෙන කිව්ව ඒ කතාවත්.

ඔන්න ඉතිං ඒක දැන් මෙතන කියන්ඩ එහෙම කියන්ඩ එපා හොදේ මොකද එදා වගේම අදටත් ඒක මතක නෑ 

දුන්න ආතල් වලට හරියන්ඩ උංගෙන්  හම්බවෙච්ච් ගල් බනිස් ගෙඩියයි  වතුර ජෝග්ගුවක් කැන්ටිමේ මේසයක් යට ඉදන් සප්පායන් වෙලා පැය බාගෙකට විතර පස්සේ කැන්ටිමෙන් එලියට පැන්න.

දැන් නං ඉතින් එළාර සේනාව පරද්දපු දුටුගැමුණු රජ්ජුරුවෝ වගේ 

එකත් පස සුදෝ සුදු සේද සළු මෙන් සුපිපි වතුසුද්ද මල් ගොමුවකි, අනෙක් පස එකිනෙක පරයමින් නැගෙන්නට වෙරදෙන විලෝ ගස් යායකි. ඒ මැදින් සින්නන් ජයගත් කුමරුවෙකි............

ස්ස්  .....ස්ස්  ..ස්ස්  ...........

සූ සූ ගාල කතා කරනවා මටද කොහෙද , අදුරන එකෙක් වෙනඩ  ඇති, 

මගෙ සිත...... මොනවාද..... මුමුණනවා 

හැරුන කියපංකො එක පයින් කට කනේ තියාගෙන, 

ඒ මෙහෙ වරෙන් ......  තෝ කොහෙද යන්නේ ??? 

තොගෙ ගම කොහෙද ??????

මනො පුබ්බඞගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුටඨෙව භාසතිවා කරොතිවා
තතො නං දුකඛමනවේති - චක්කංව වහතො පදං

බුද්ධ වචනය තුන්කල් සත්‍ය බව මට ටොකු ඇන ඇන මතක්කලේ අර හැරියන්  මචං කියපු මගේ හිත් පොජ්ජම තමයි.

මක්ක කරන්ඩද කියල හෙමින් හෙමින් ගියා අලුත් සින්න ගාවට 

ආ....තොගෙ ගම කොහෙද ?????? ඌ ආයෙත් අහපි 

ගම්පහ අයියේ .......

 සහෝදරකම උතුර යන සෙනෙහසින් කට පුරා හිනාවෙච්ච මම

ඈ  යකෝ තෝ මාත්  එක්ක හිනාවෙන්නේ තෝ මාව අදුනනවද ?

මලා ..... වදින්ඩ ගිය දේවාලේ වැටුණ නේද පුතේ ඔලුවටම 

කපපිය තොගේ හිනාව .... සින්න දෙසනවා මාර දිව්‍යපුත්‍රයා වගේ 

මං දන්නවද හත්දෙයියනේ හිනාවක් කපන්ඩ 

උබල ගම්පහ කියල මෙහෙ ලොකු ලයින් දාන්ඩ බෑ හරිය ... 

මම සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ බිම බලාගෙන හිටිය 

උබ ගම්පහ කොහෙද??? ආයෙත් කෝච්චිය පරණ පීල්ලෙම 

ඔන්න ඔය වෙලාවේ තමයි කුබි  පුකක් තරං තියෙන මාගේ මොලගෙඩියට වෝල්ට් තිස්තුන්දාහක් වැදුනේ. රෑ වැටුණු වලේ දවල් ඕනෙතරන් වැටිලා තියෙන මම මේ වැදිච්ච කරන්ට් පාරෙන් පොඩ්ඩක් චාර්ජ් උනා කියහන්කෝ 

ගම්පහ ඉස්පිරිතාල හන්දියේ  අයියේ ...... ඉස්පිරිතාල හන්දියේ සාන්ත ෆූඩ් සෙන්ටර් කියන්නේ අපේ කඩේ 

පුරා අවුරුදු තුනක්ම වලබැහැපු තැන, කෑව බිව්ව තැන 
තිස් තුන් පැයේම චුටියගේ කඩේ ලැග්ග හින්ද ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ,  

සින්න ගම්පහ හතරමයිමේ එකෙක් නෙමේ කියල උගෙ බාසාවෙන් දැනගත්ත හින්ද බය  සැක නැතුව කියල දැම්මා 

වැඩේ ගොඩ වගේ .... 

ආ..... කොහෙද තොගේ ඉස්කෝලේ ???????


මේක ඉවරවෙන මලදානයක් නෙමෙයි ඉස්කෝලේ කිව්වට පස්සේ වෙච්ච නස්පැත්තිය පස්සේ කියඤ්ඤං හොදේ 

එතකං උබට ආතල්ද ....... හිනාව කපල පලයං මේසෙ යටට ....😂😂




Wednesday, October 21, 2020

මේ රට මගෙ රට මා ඉපදුන රට


පෙරදිග ලෝකයේ බැබලූ මුතු ඇටය 

රත්න දීපයක් වූ  භුමිය විජය 

අදුරේ රුදුරු දින දින ගිලෙනා විටය 

පන්හිද දරන්නට මට දැන් අවසරය 


නීතිය රකින නිල දරු නොමගේ පාරේ 

නීතිය කරන දෙවගන සළු පිලි නොරැදේ 

රට කරනා ඇත්තන් ඇස් කන් නෑරේ 

දින දින මගේ රට ඇත ගිලෙමින්  අදුරේ 


ගුරුවරු සිසුන් නොමගට යවනා අරුම 

පියවරු දූවරුන් කෙළෙසනවා කොහොම 

හිමිවරු නොම දෙසන්නේ නිකැළැල් දහම 

දින දින අගාදය වෙත යයි මගෙ රටම 


බුදු දෙව් නබි කියා අප බෙදිලා දසත 

නිල් කොළ රතු කියා තව බෙදිලා සැවොම 

එකෙකුට එකෙක් නැති රට ජාතිය සමග 

කෙලෙසද දිනන්නේ මගෙ රට දිනේ හෙට  







Tuesday, October 20, 2020

ඔටුදේසේ රන් කහවණු

කුකුළා අතට ගෙන ඔපිසිය වෙත යන්නේ 

ඇදිරි වැටෙන තෙක් එහි කල ගතවෙන්නේ 

දින සති මාස ගෙවෙමින් වසරුත් යන්නේ 

ඇති ඇති කිය කියා තවමත් කබුරන්නේ


වීසා වැදුනවිට නොයිදුල්  දෙවසරට 

සැමදෙන කීවෙ ඉන්නෙමි මේ වසර දෙක 

මසකට පසුව පය තබල ඔටු දෙසට 

දැම්මා  ලෝනයක් අව්රුදු පහක 


ඉඩම ගන්න ගත්  ලෝනය ගෙවාලා  

ගත්තා තව එකක්  ගෙය ගැන හිතලා 

වෙඩිම ගත්තේ ඒ මුදලත් දමාලා  

බවුන්ඩේසමේ ගල් ඇත දිරලා 


ඉන්නේ සතරවරිගය ලක් මව් තුරුලේ

වසරින් වසර අපි හිරවෙයි වැලි කතරේ 

ගිනිගෙන් දැවෙන මේ රන්කහවනු මිතුරේ 

කිසිදා නොම නිමයි අපගේ සාගින්නේ 


ගත වැදෙනා සුළග යයි සියොළග දවාලා 

මුව දොවනා ජලය ඇත හොදහැටි උණුවීලා 

පුච්චපු මස් සමග රොටියක රස බලලා 

අපි හොයනවා ඔටුරට රන් මසු මැරිලා 

 






Monday, October 19, 2020

After 15 years.....

 

One cold evening in October 2018, 90kg man had fat wobbly tummy with white ball in hand was ready in front of the former Oman national cricket captain. "Are you wish to ball" that was his question with wondered eyes.  That was the day I do the hard ball bowling after 15 years in Al Amerat cricket ground practice net.

As a left arm chinaman I had a chance to make some impress in my captain’s mind. Ajay Lalcheta was former Oman national team captain and also left arm spinner. He gave me a chance to be a part of his team in Al Tasnim League organized by Al Tasnim Enterprises.

https://en.wikipedia.org/wiki/Left-arm_unorthodox_spin

That was tough period. I never played T20 format before. In Sri Lanka we played 50 overs matches but that was 15 years before. I did my exercise hard as much as I can. I controlled my food, but I couldn’t reduce my weight less than 87kg. Some people smiled while I was doing the bowling. Every time my stomach was travel before the me. But I never stopped doing bowling till end of the net session. Finally, I have selected to Tasnim Royal’s playing 11 for the first match of the TCL 2018.

That was amazing feeling in the ground at evening under flood lights. Even though I was in near 40s, I felt like a school cricketer. I had experience playing under the flood lights in soft ball tournaments. But this was totally different.

Match began,

https://cricheroes.in/scorecard/217023/Tasnim-Cricket-League/Tasnim-Royals-vs-Tasnim-Daredevils

We got 199 runs on board. Ajay and Banty played well knock and Chatura did his anchoring roll. With the large number in the board we had enough freedom to ball in second session. Ajay gave me the ball for fourth over and he need very tide over without extras. His advice was don’t try to do the many things and do the ball wicket to wicket.

Match end with remarkable win to Tasnim Royals. I completed my 4 overs with 4 wickets for 22 runs and adjudicated as Man of the Match. 

https://cricheroes.in/player-profile/1668002/ASANKA-BANDARA

That was unbelievable come back after 15 years…….

 So don’t give-up. Try hard, fight hard, if you want do it you can do it.

The corona menace showing us the same thing. Let's not give up on life. Let's get up together. The 2019 Tasnim Cricket League had to be stopped midway due to the corona. 2020 is now wind-up. We are hopeful for 2021.





වසර 15 කට පසු නැවත පැමිණීම ……

 

2018 ඔක්තෝම්බර් මාසයේ එක් සීතල සන්ධ්‍යාවක , හිටපු ඕමාන් ජාතික ක්‍රිකට්   නායකයා ඉදිරිපිට සුදු පැහැති බෝලයක් අතින්ගත්  තඩි බඩක් සහිත කි.ග්රෑ.90ක  බර මම සැදී පැහැදී සිටියේ ඊලගට පන්දු යැවීමටයි . "උබට බෝල දාන්ඩ පුලුවන්ද " එය පුදුම සහගත දෑසින් යුත් ඔහුගේ ප්‍රශ්නය විය. Al Amerath ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී  වසර 15 කට පසු මම ලෙදර් බෝලයෙන්  පන්දු යැවීම සිදු කළ දිනය එයයි.

 වමත් chinaman පන්දුයවන්නෙක්  ලෙස මගේ නායකයාගේ  මනසෙහි යම් පැහැදීමක් ඇති කිරීමට මට අවස්ථාවක් ලැබුණි. Ajay Lalcheta,  හිටපු ඕමාන් ජාතික කණ්ඩායමේ නායකයා මෙන්ම වමත් දඟ පන්දු යවන්නා ද විය. Al Tasnim Enterprises   විසින් සංවිධානය කරන ලද Tasnim Cricket Leagueයේ  ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වීමට ඔහු මට අවස්ථාවක් ලබා දුන්නේය.

https://en.wikipedia.org/wiki/Left-arm_unorthodox_spin

 එය දුෂ්කර කාල පරිච්ඡේදයකි. මම මීට පෙර කවදාවත් විස්සයි 20 තරග ක්‍රීඩා කර නැත . ශ්‍රී  ලංකාවේ අපි ඕවර 50 තරග ක්‍රීඩා  කළ නමුත් එය වසර 15 කට පෙරය. මම මගේ ව්‍යායාම   මට හැකි පමණින් සිදුකලෙමි. මම මගේ ආහාර පාලනය කළ නමුත් මගේ බර කිලෝග්රෑම් 87 ට වඩා අඩු කර ගත නොහැකි විය. මම පන්දු යවද්දී  සමහරුන්ට  සිනහපහලවීම නැවැත්විය නොහැකිවිය. ඒ සෑම අවස්ථාවකම මගේ බඩ මට පෙර ගමන් කළ නිසාය . නමුත් පුහුණු  සැසිය අවසන් වන තුරුම මම පන්දු යැවීම නතර කළේ නැත. අවසාන වශයෙන්, මම TCL 2018 හි පළමු තරගය සඳහා Tasnim Royals කණ්ඩායමේ  ක්‍රීඩකයින්  11 දෙනාට තෝරාගැනිනි.

 එදා සවස් වරුව  Oman Cricket Academy Al Ameerat ක්‍රීඩාපිටියහි විදුලි පහන් යටතේ  පුදුම සහගත හැඟීමක් මගේ හිතේ ජනිත කළේය. වයස අවුරුදු  40ට ආසන්නව සිටියත් මට දැනුනේ පාසල් ක්‍රිකට්  ක්‍රීඩකයෙකු ලෙසය. සැහැල්ලු පන්දු  තරඟාවලි වලදී විදුලි පහන් යටතේ ක්‍රීඩා  කිරීමේ අත්දැකීම් මට තිබුණි. නමුත් මෙය සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක් විය.

 තරගය ආරම්භ විය,

https://cricheroes.in/scorecard/217023/Tasnim-Cricket-League/Tasnim-Royals-vs-Tasnim-Daredevils

පළමුව පන්දුවට පහරදුන් අප ලකුණු 199 ක් ලබා ගතිමු. Ajay  සහ Bunty ලකුණු 50හේ සීමාව පසුකල අතර Chathura  හොඳින් ක්‍රීඩා  කරමින් හොද සහයක් ලබාදුනි. ලකුණු පුවරුවේ  විශාල සංඛ්යාවක් සමඟ අපට දෙවන සැසියේදී පන්දු යැවීමට   ප්‍රමාණවත්   නිදහසක් තිබුණි. Ajay  මට හතරවන ඕවරය සඳහා පන්දුව ලබා දුන් අතර ඔහුට අවශ්‍ය  වුයේ අඩු ලකුණු සහිත පන්දුවාරයක් . ඔහුගේ අවවාදය උනේ  බොහෝ දේ කිරීමට උත්සාහ නොකර wicket to wicket පන්දු යවන ලෙසයි.

 තරගය අවසන් වන්නේ Tasnim Royals පිලට විශිෂ්ට ජයක් ලබා දෙමිනි. මම මගේ ඕවර 4 තුලදී  ලකුණු 22 කට කඩුලු 4 ක් දවාගෙන තරගයේ වීරයා ලෙස විනිශ්චය ලදෙමි.

https://cricheroes.in/player-profile/1668002/ASANKA-BANDARA

 එය අදටත් විශ්වාස කළ නොහැක, වසර 15 කට පසු නැවත පැමිණීම ……මෙපමණ ප්‍රීතිජනක  වේයැයි මා කෙසේවත් නොසිතුවෙමි.

 එබැවින් අත් නොහරින්න. දැඩි ලෙස උත්සාහ කරන්න, සටන් කරන්න, ඔබට එය කිරීමට අවශ්‍ය   නම් ඔබට එය කළ හැකිය.

 කොරෝනා උවදුරද අපට පසක් කරන්නේ මේ දෙයමය. ජීවිතය අත්නොහැර බලාසිටිමු. එක්ව නැගිටිමු. 2019 වසරේ Tasnim Cricket League කොරෝනා නිසා අතරමග නැවැත්වීමට සිදුවිය. 2020 ගෙවීගෙන යමින් පවතී. 2021 වෙනුවෙන් බලාපොරොත්තු දල්වාගෙන සිටිමු.

 




 

Tuesday, January 1, 2019

ශ්‍රී ලංකා කොල්ලෝ වසයි ක්‍රිකට් බෝල දෙකට පලයි !!!

කාරුණික දැනුම්දීමයි !!!!!

පහත සදහන් සියලුම සිදුවීම් සත්‍ය සිදුවීම් බව  ඇසින් දුටු සාක්‍ෂි සහිතව තහවුරැ කරන්නෙමි.


වර්තමාන ක්‍රිකට්යැයි  පවසන ක්‍රීඩාව සහ මෙහි ලියවෙන ක්‍රිකට් අහසට පොලව මෙන් දුරස් බව පවසන්නේ මහත්වූ සංවේගයෙනි!!!!!!!!!!😢😢😢😢

අපේ ශ්‍රී ලංකා ටීම් එක 1992 සිට 1995 දක්වා වූ කාලසමය විවිද වැටීම් නැගිටීම් සහිතව පසුකරනවා. 1995 බෙන්සන් ඇන්ඩ් හේජස්  තරගාවලියට ඕස්ට්‍රේලියා  යන්නේ 1996 World Cup එකට කලින් හොද තරගයක් ප්‍රතිවාදීන්ට දෙන්න.

https://en.wikipedia.org/wiki/1995%E2%80%9396_Australian_Tri-Series




ඒත් එක්කම කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් අපිට දකින්න ලැබෙනව. හැමදාම තරගයේ ආරම්භයේ ඇවිත් ලකුණු 50-60 පහුකරනකොට කෙන්ඩ පෙරලිලා දෙන්නෙක්ගෙ කරෙන් යන අති විශිෂ්ට පන්දුරකින්නෙක් වන රොෂාන් මහානාම වෙනුවට  රුමේශ් කලුවිතාරණ, සනා එක්ක open batting  එනව.

ODI cricket ඉතිහාසයේ පලමුවතාවට පලවෙනි ඕවර 15ට දුවන්න ගහන මේ සනා කලූ සුසංයෝගය හැදින්නුවේ Master Blaster  & Little Dynamite කියල.



ඒ නම් අපේ අයට  දැම්මේ අපිට නොතේරෙන ඉංගිරිසියෙන් තේරෙන්න commentary කරපු  Tony Greig මහත්මයා. ඇත්තටම ඒකාලේ ලංකාව ගැන පොඩ්ඩක් හරි හොදක් කිව්වනං ඒ Tony Greig විතරයි.



අවසන් තරග දෙකම පරාජය උනත් ලංකාවේ දක්ෂතා මුළු ලෝකයම කතා කරන්න ගන්නේ මේ තරගාවලියෙන් පස්සේ.

ඒ වගේම මුරලිට  පන්දුව දමා  ගසන චෝදනාව එන්නෙත් මේ තරගාවලියෙමයි.



1996 ලෝකකුසලානයේ  තොරතුරු සමග හමුවෙමු ......

Monday, September 24, 2018

ක්‍රිකට් උණ

වොලිබෝල් ජාතික ක්‍රීඩාව වූ සුරම්‍ය දිවයිනක ඉපදීමට බාග්‍යවන්ත වූ අප යාන්තම් කෙලින් සිටගැනීමට හැකි දා සිට බෝල පිත්තටත් ක්‍රිකට් පන්දුවටත් ආලයකෙරුවෙමු. 1980 දශකයේ මුල්බාගයේ උපතලද්දෙන් අද දරුවන් මෙන් නොව ගොයම් කැපූ කුබුරුයාය,රථවාහන නොමැති ගුරුපාර නිසගයෙන්ම අපේ ක්‍රීඩා පිටි බවට පත්විය. වියළුණු පොල් පිත්තකින් සාදාගත් පිත්තත් රබර් හෝ ඔට්ටපාළු බෝලයත් අප අතින් ගිලිහුනේ නින්දේදී පමණි.







උපතින්ම වමත්හුරුවෙකු වූ මා දකුණතින් පන්දුවට පහර දීමටත් වමතින් දග පන්දු යැවීමටත් හුරුවුයේ ඉහත සදහන් ගුරුපාරක ආනුභාවයෙනි. (එහෙම උනේ නැත්තං ජයසූරිය,තරංග කැලේය). අපේ මහගෙදර ඉදිරිපස ගුරුපාරේ වම්පස වැට තිබීමත් මගේ දෙමස්සිනෝ දකුණත් හුරුවන් වීමත් මෙයට හේතුවූ බව සිහිකරන්නේ හදපිරි මෙව්වා එකෙනි.

  • වමත් දග පන්දු යැවීම ගැන දැනගැනීම සදහා : https://en.wikipedia.org/wiki/Left-arm_orthodox_spin , https://www.wikihow.com/Bowl-Leg-Spin

  • පිතිකරණය සදහා : https://www.wikihow.com/Bat-in-Cricket


මෙසේ අහල පහළ දෙතුන් දෙනාගෙන් ඇරබුණු ක්‍රිකට් උණ කරදඩු උස්මහත් වනවිට දළුලා වැඩෙන්නට විය. පොල්පිති පිත්ත, ලීයෙන් තැනූ BAT එකටත් රබර් බෝලය, TENNIS බෝලයටත් සංක්‍රමණය විය. ගමේ පාසලෙන් නගරයේ පාසලට ගියද හැකි සෑම විටම කුරුදුවත්ත නම් වූ ගමේ ක්‍රිකට් ගැසූ වත්තට යාම අම්මාගේ  බැනුමටත් තාත්තාගේ කෝටුවටත් වැළැක්විය නොහැකිවිය.

අද දරුවන්ට මෙන් 24/7 අතිරේක පන්ති නොගිය අප සෑම සතිඅන්තයකම ගමේ කොලුරැල එක්වී සාදාගත් ක්‍රීඩා සමාජයේ නමින් හතර පෙරුවේම ඇති ගම්වල ක්‍රිකට් තරගාවලි සදහා පාදයාත්‍රා කළෙමු. මගේ මතකයේ හැටියට අපේ ක්‍රීඩා සමාජය කිරිකිත්ත එක්සත් නම් විය. දිලෙනතරු,සමගි,රන්තරු, යන නම් වලින් සැදි ක්‍රීඩා සමාජ අවට ගම්වල තිබුණි. අද සමාජයේ මෙවැනි ක්‍රීඩා සමාජ විරල වන අතර ඒවායේ ඇත්තේද Rangers,Riders,Blasters,Gladiators වැනි නම්ය. 

1990 දශකයේ මුල් භාගයේ  සිරිලංකා කණ්‌ඩායම අළු ගසා දමා නැගිටින අවදිය විය. සීමිත පන්දුවාර තරග නැරබීමට තාත්තාගේ තිබු කැමැත්ත නිසා කුණුකෙල සෝදාගෙන සාලයට වී රූපවාහිනියෙන් තරග නැරබීමට අම්මාගෙන් නිලනොලත් අවසරය ලැබුණි. එකල අද මෙන් දිවාරාත්‍රි තරග නොතිබුණු සුදෝසුදු ඇදුමින් එක්දින තරග ක්‍රීඩාකළ යුගයයි. 





අර්ජුණ රණතුංග මහතාගේ නායකත්වය ලද ශ්‍රීලංකා කණ්ඩායම කෙමෙන් තරග දිනන්නට විය. ඔහු ආනන්ද විද්‍යාලයේ ආදී සිසුවෙකු බැවින් අපේ හිතටද ගතටද  ගැම්මක් දැනෙන්නට විය. එයින් සිදුවුයේ ක්‍රිකට් උණ ක්‍රිකට් පිස්සුවක් තරමටම උත්සන්න වීමය. පාසල් කාලසීමාවේදී, පාසල ඇරබීමට පෙර,කෑම විවේකය, period මාරුවෙන විටද, පාසල අවසානයේ ද අපගේ රාජකාරිය වුයේ ක්‍රිකට් ගැසීමය.කොලබෝල ක්‍රිකට්, ප්ලාස්ටික් බෝල ක්‍රිකට්, BOOK CRICKET, එකී මෙකී නොකී  තරගාවලි 6 වසරේ සිට 13 වසර දක්වාම සෑම පන්තියකම එකසේ පැවැත්විණි. 

සම්මත ක්‍රිකට් ක්‍රීඩාව සදහා එක් කණ්ඩායමකට 11දෙනෙකු, විකට් පොලු, තනතිල්ලක් සහිත යාර 60 පමණ වපසරිය යුත් ක්‍රීඩාපිටියක් අවශ්‍ය උවද අපේ ක්‍රිකට් ඊට සම්පුර්ණයෙන් වෙනස්විය.

සම්මත ක්‍රිකට් ක්‍රීඩාව සදහා : https://www.wikihow.com/Play-Cricket

1996 ක්‍රිකට් උන්මාදය සමගින් හමුවෙමු .....


පළමු උත්සාහය

 පළමු උත්සාහය:

එදා සිට අද දක්වාම මිනිසා වදුරාගෙන්  🙉🙉🙉පරිණාමනය වූ බවට හොදම උදාහරණය වන්නේ කොතරම් බැරි උනත් අනෙකෙක් කරන දේ කිරීමටයාමය.

 කණ්ඩාගේ අනෙක වූ ලිපි කියවීමෙන් වැළදුණු බ්ලොග් පිස්සුව ලිවීමට ඇති කම්මැලිකම හා බ්ලොග් ගැන ඇති නොදැනුවත්කම නිසා යටපත්විණි. https://kandascolumnblog.wordpress.com/

එහෙත්  කණ්ඩාගේ "බ්ලොගර් වෙබ් අඩවියක් සාදා ගනිමු" ලිපිය මගින් නැවතත් එම ආසාවට කිතිකවීමක් විය.

මේ එහි පළමු උත්සහයි.